පුංචි දෙයක් – 2

Share

උපාධිය…
සරසවි දොරටුවෙන් ඇතුළු වුණු මුල් දවසෙ හිතේ මැවුණු ලොකුම හීනය…
දේශන ශාලාවට මුල්ම වතාවට ගොඩ වෙද්දි ඉහටත් උඩින් බලාපොරොත්තු ඇති වුණු හැටි තවම මතකයි.
දිනෙන් දින ගත වෙද්දි, යාලුවො රොක් වෙද්දි, වෙනදා වගේ නම් නිතර මතක් වුණේ නැහැ..
ඒ නමුත් අමතක වුණේ නැහැ අරමුණ…
හීනය උපාධිය වුනත්, ඇසිල්ලෙන් ගෙවෙන මේ සරසවි ජීවිතය , නුඹ නම් හරිම පුදුමයි ජීවිතය කියා දෙන අපූරුව…
හෙට දවසට අරුතක් දෙන්න, හැකියාවන් හොයාගෙන යන්න, ලැබීම නො ලැබීම ඉවසීමෙන් විඳ දරාගන්න, නොමිනිසුන් අතර මිනිසුන් හඳුනගන්න, වැටුනත් නැගිටින්න, නිහතමානීව තවකෙකුට සලකන්න, අව්‍යාජව හිනාවෙන්න, පුරුදු කළා නුඹ….
තරඟය මොන තරම් දැඩි වුනත්, හදවතින් ක්‍රියාවෙන් පිරිසිදුව, අරමුණට පියමැන්නවුන් ජීවිතය ජය ගත්තු හැටි පෙන්නුවා නුඹ…
එහෙමයි දියෙන් කිරි වෙන් කලේ නුඹ….
වසරින් වසර අක්කල අයියල උපාධිය අරන් සරසවියෙන් නික්මෙන විට..
අහන්න හිතුන හැම කෙනෙක්ගෙන්ම ගෙවුණු ඒ ජීවිතේ අමතක නොවන මතක…..
මවු පියන් ගුරුවරුන් ඉදිරියේ හරසරින් උපාධිය අත දරණ විට, දැනුණු සතුට හෙම…
සුබ පැතුම් වරුසා අතර එය ලබන දින, ගෙවුණු සරසවි දිවිය සුන්දර කළ ආදරණීයයන් වැළඳගෙන, හදවතින් සතුටු වෙන්නට හැකි නම් ලැබූ ජය ගැන….
එයයි හීනය…. උපාධිය….

විද්‍යානි කුලතුංග.

Image Credits:
FOSMedia

 
Tagged : /