සදාකාලික හුදෙකලාව…

Share

අඳුරු වු හිස් අවකාශයක

සදාතනික වු හුදෙකලාවක

යනෙන මඟ නොදැන මම

සරන්නෙමි බොහෝ දුර

 

නිම නොවන දිගු ගමන

නිමා වන බව කියන

පෙර ලකුණු දුටිමි මම

අනන්තය තුළ රැඳෙන

 

මදින් මඳ ඒ අඳුර

නිමා කළ දීප්තිය

මා වෙලා ගනු රිසිව

දෑත පෑවා මා දෙසට

 

සදාකාලෙට දැනුන සොම්නස

එයයි මාගේ අඳුරු හද තුළ

අසුරු සැනකින් අඳුරු හද බිඳ

විහිදුනා දිදුළ සොම්නස් කිරණ

 

මගේ ගත දැවෙනා බවක්

දැනෙන මුත් මා හට තදින්

දීප්තිය තුළ සැඟව යන්නට

කුමක් වුවත් කම් නෑ ඉතින්

 

මගේ දෑතත් දීප්තිය වෙත

දිගු කළේ මුත් හැකි ලෙසින්

ඒ කෙරෙන් මා ඈත්වන බව

මඳින් මඳ වැටහුණි හොඳින්

 

විහිදි සොම්නස් කිරණ ධාරා

නිමා විය යළි නො එන සේ

ඇඳුරු හිස් අවකාශයක මා

ඇයිද මෙලෙසින් තනි වුයේ

 

හඬා වැටෙනා මගේ හදවත

යළිත් අඳුරින් බර වුණා

සදාකාලික හුදෙකලාවක

සිර වු වල්ගා තරුව වුවා…

 

Image Courtesy : https://bit.ly/2JU8IfD

 
Tagged : /