තබා නෙත් යුග ඈත පියසේ
හෙළා සුසුමන් දුකින් බර සේ
කඳුළු සැලුවෙ ද දුකින් සිතු සේ
යුවල තව නැති දුකට රහසේ
රැය ද දහවල ගෙවෙ ද දුකිනේ
පුරුදු හඬ තව නැති ද ඇසුණේ
බලා සිටියම වසක් ගෙවුණේ
නැති ද තව හුරු දසුන ගැටුණේ
දසත විහිදී සිනා රළ පෙළ
එදා දසත ම එකලු වූ කල
මෙදා සිසු කැල තවම නැති කල
කෙලෙස හැඟුණි ද සරසවිය තුළ
සියල්ලට පසු නුදුරු දිනයෙක
දකිනු හැකි වෙයි සිනහ යුවලක
නැවත එනු ඇත සිනා හඬ නෙක
පාළු මැකුමට ඔබේ වසරක
Written By: Isini Asalya
Image Courtesy: FOS Media