විරහවේ සරදම් …..

Share

sad boy

ඉතින් නුඹ නම් යලිත් එන්නැති
ඉසව්වක දැන් බෝ තුටින් ඇති
මගේ සෙනෙහෙ අඩුවක් තියෙන්නැති
ඒ නිසා මා අතැර යන්නැති

මාව ඔහු හා සසදන්න ඇති
යසඉසුරු ගැන සිත බැදෙන්නැති
දිලිදු බව මා සිත කියන්නැති
සිත සමග ඔබ එකග වෙන්නැති

මට වඩා සුව පහසුවක් ඇති
උරහිසක හිස සතපවන්නැති
සියක් දහසක් මතකයන් ඇති
අතීතය වලදමන්නැති