ගත වාරු නැති නමුත්
ගෙන සිතට ශක්තිය
හෙළා දහදිය බිඳු
කළේ මහ පොළොවෙ පෙරළිය
දරුවන්ට පමණක් ම
නො වී පිය සෙනෙහස
ගහ කොළට පරිසරයට
වීය මව් පිය දෙපළ ම
පියාණන් නොවූවත්
පිය සෙනෙහස ම දැක්වුව
දරුවන් මුණුබුරන්
විය නෙතට රසඳුන
දැනුඳු සිහි කළ හැකි
ඔහුගේ ඒ සිනහව
දකින විට හැදූ වැඩු
දරු සහ තුරු පරපුර
අදහනු නොහැක ඔබ
නොමැති බව අප ළඟ
දැනෙයි කෙදිනක හෝ
නැවත ඔබ එන බව
දින දින ම ගෙවී යයි
වැඩෙමින් හදෙහි තනිකම
අඳුරු සීතල බිම
සීයේ පාලුව දැනෙනවද…
Written by: Chamudi Senevirathna
Image links:
- Featured image: https://bit.ly/36rT9LA
- Image 1: https://bit.ly/3JQFxYJ