පාළු හුදෙකලා රාත්‍රියේ
ගනදුර මකා පෑයූ
සොමි සඳ
නුඹ
නියං තලා ගිය කර්කශ පොළොවේ
සාරය ගෙන මල් පීදූ
මහා රුක
නුඹ
සිහින අතරේ මන්මුලා වූ තනි සිතට
සිත්තම් පෑ
සිත්තරුව
නුඹ
අකුරු අතරේ ජීවිතය අමුණන ගමනේ
මුලකුරු කිය වූ
දිසාපාමොක්
නුඹ
මුදලට රජයන විරූපි ලෝකයේ
නො විකුණූ
සුරූපි ප්‍රේමය
නුඹ
හුස්ම වැටෙන බව නො දැනෙන ජීවිතයේ
පණ ගැසුන
හුස්ම පොද
නුඹ.
Image credits: https://myautisticmuslimchild.files.wordpress.com/2010/05/513153112_79ea77011e2.jpg