ඇසි පියන් යට සඟවන ලුණු රසැති වතුර බිඳ
පහළට හෙළනුයේ කිමදැයි
තට්ටු කර හිතට අසන කල
කිව්වේ ම ඇගේ සිත
ජය නියත ය මගේ දෝණිට
සිත් අහසේ රැඳි සිහින සැබෑ කළ සඳ ඔබ ය
බිඳී යන බැඳීමක තිත්ත රස දනී ඇය
වෙහෙස සුසුමට වාරු දී හේ
විසල් දියඹෙහි ගිලෙයි ගැඹුරට
අමිල මුතු මා ගෙල පළඳවාලා
නැණැති මල්දම් හිස හොවලා
සප්ත ස්වර රැඳි නව්‍ය මංසල
හැඩ කරන්නට ඇගේ වෑයම
දඟකාර දෝණියව පණ වගේ රැක්කේ ම
දෙන්නට ය කවදහරි දීග යන දවසකට
කෙල්ලගේ දඟකමට බනීවි ද නැන්දම්මා
දුරු සිටින පියාගෙන් අසනවා ඇසුණි මට
දාංගලෙ දැන් නොවෙද ළතෙත් ඇගෙ සිත දනී
දෝණිගේ හුරතලය තුළ ම ඇය සිර කෙරූ
ඉරිසියාවක් ඇත කොනෙක මිතුරියක වී කලෙක
බැනුමකට සමවැදී සෙනෙහසින් පහදවයි
“වැඩක් කරපන් – නිකන් නොඉඳින්”
දනිමි වදයක් කියන මා
හිරවනා බව දැන දැනයි
හුරුවනා බව දැන දැනයි
ඉඳීවි ද නොඉඳී ද නොදනී ය එමතුවට
“දැනන් ඉඳපන් මෙන්න මේ දේ
ඉවසපන් තව ඉවසපන්”
දොරේ ගලනා සෙනෙහසක් උණුහුමේ රඳවලා
සිහි වෙවී සැම කලෙක දුන් ඔබේ සාරය ම
මා තුළින් මැවූයේ ඔබගේ ම ප්රතිරුවය
දෑස තුළ රඳනු බැරි කඳුළ එය නොවෙද අම්මේ
Written By: Bhagya Babaranda
Image link: https://bit.ly/3BPHpMT