මහ මෙරට උඩින් පැන
එන නිගා කම්කටොළු
සුණු විසුළ බිම මතින්
නැගෙන මහ සවියක්…
සඳ මැදියම පසු කරද්දීත්
හිරු අලුයම නැග එද්දීත්
නිදි වරා අවදි ව
ඔය සේ අරුමැති දෑසක්…
අසීමාන්තික දරු පෙමත්
මුදිතා කරුණා දයාවත්
නොඅඩුව ම ගලා එන
උතුම් වූ හදවතක්…
දෑත පුරා තුරුලට ගෙන
සිත පුරා තවරන සෙනෙහස
නැත කොහේවත් ඔබ ළඟ ම මිස
සුවැති සුවඳැති උණුසුමක්…
අඳුර මැද දිලි පහන අම්මා
දිරිය දී මඟ කියන නිති
මිලින නොවෙනා බැඳීමකි මේ
කව් පෙළෙන් උපහාරයක්…
Image link: https://shutr.bz/3P5Z76F