සංගීතය විද්‍යා ඇසින්

Share

සංගීතය කියන්නේ එක්තරා විශේෂ භාෂාවක්. මොකද අනිත් භාෂාවල් වගේම සංගීතයත් පාවිච්චි කරන්නෙ අදහස් ප්‍රකාශ කිරීමට එහෙමත් නැත්නම් සන්නිවේදනයට. සංගීතයත් අනිත් භාෂාවල් වගේම මිනිසාගේ පරිණාමයත් සමඟ ක්‍රමයෙන් පරිණාමනය වුණා. බොහෝ අය නොදන්නව වුණාට මේ පුදුම භාෂාව සහ විද්‍යාව අතර ලොකු බැඳීමක් තියෙනවා. මේ සූදානම් වෙන්නෙ ඒ බැඳීම ගැන කථා කරන්න.

මේ ගැන කථා කරන්න කලින් සංගීතය ගැන ලොකු දැනුමක් නැති කෙනෙක් ඉන්නවනම් ඒ අයගේ දැන ගැනීම සඳහා ඉතා කෙටියෙන් සංගීතයේ මූලික සිද්ධාන්ත කිහිපයක් සඳහන් කරන්නම්.

හැමෝම දන්න විදිහට සංගීතය ප්‍රධාන වශයෙන් හැදිල තියෙන්නෙ මූලික ස්වර හතකින්

ස      රි      ග      ම      ප      ධ      නි

මේ ස්වර වලට අමතරව සමහර ස්වර දෙකක් අතර විකෘති ස්වර කියල වර්ගයක් තියෙනව. ඒ ස්වර 5ත් එක්ක සම්පූර්ණ ස්වර ගණන 12යි.

ස    රි    රි        ග    ම’    ම    ප        ධ    නි     නි

සප්තකයක් (Scale) කියල හඳුන්වන්නෙ මේ ස්වර 12.

මේ ස්වර හැම එකකටම අදාල සංඛ්‍යාතයක් තියෙනව. ඒ සංඛ්‍යාතයෙන් තමයි අපි අඳුන ගන්නෙ මේ වාදනය හෝ ගායනය කරන්නෙ කුමන ස්වරයද කියල. මේ පෙන්නල තියෙන්නෙ ස්වර කිහිපයකට අදාල සංඛ්‍යාත ආසන්න වශයෙන්.

ස – 256 Hz     රි – 272 Hz     රි – 288 Hz     – 305 Hz     ග – 324 Hz

මේ ස්වර වලට  අදාල සංඛ්‍යාත ලැබිල තියෙන විදිහ බොහෝ දෙනෙක් දන්නෙ නෑ. ඕනෑම ස්වරයකට අදාළ සංඛ්‍යාතයක්  (= 1.0594…) කියන අංකයෙන් වැඩි කරල බැලුවොත් ඔබට පෙනේවි මීළඟ ස්වරයට අදාළ සංඛ්‍යාතය ලැබෙන බව.

මේ අපි කථා කරන්නේ මධ්‍ය සප්තකය කියන එක ගැන. මේ සප්තකය 256 Hz සිට 484 Hz දක්වා විහිදිලා තියෙනවා. ඔබට වැටහෙයි  1.0594…  කියන අංකය 12 වතාවක් එම අංකයෙන්ම ගුණ කල විට ලැබෙන්නේ 2 බව. මේ විදිහට අපිට හැකියාව තියෙනවා ‘ස’ ස්වරයේ සිට ස්වර 12ක් ගණන් කල විට ලැබෙන ස්වරයේ සංඛ්‍යාතය 256 x 2 (= 512) බව. මේ ලැබෙන ස්වරයට අපි කියනවා උච්ච ‘ස’ කියල. මේ ආකාරයට මධ්‍ය සප්තකයේ සියලුම ස්වර 2න් ගුණ කිරීමෙන් ඊට අදාල ස්වරයේ උච්ච ස්වරය ලබා ගත හැකියි. මෙහෙම ලැබෙන ස්වර 12ට උච්ච සප්තකය කියලා කියනවා. මධ්‍ය සප්තකයේ ස්වර වල සංඛ්‍යාත 2න් බෙදීමෙන් මන්ද්‍ර සප්තකය ලබා ගන්න හැකියාව තියෙනවා.

මීළඟට කථා කරන්නේ සංගීතයේ එන ඉතාමත් අපූරු දෙයක් වන ප්‍රසංවාද (Harmony) ගැන. බොහෝ දෙනෙක් අහලා ඇති Chords (කෝඩ්ස්) කියල දෙයක්. මේ Chords හැදෙන්න මුල් වෙලා තියෙන්නෙ ප්‍රසංවාද කියන සංසිද්ධිය. එක විට ස්වර කිහිපයක් වාදනය කල හැකි වාදන භාණ්ඩ තියෙනවා. ඒ අතර ගිටාරය හා පියානෝව විශේෂ තැනක් ගත්තත් වයලීනය වගේ වාදන භාණ්ඩ වලිනුත් ස්වර 2ක් එකවර වාදනය කරන්න පුලුවන්. මෙහෙම ස්වර කීපයක් එකවිට වාදනය කරන විට ඇතැම් විට මිහිරි නාදයකුත් ඇතැම් විට අමිහිරි නාදයකුත් ඇති වෙනවා. ඕනෑම ස්වරයක් සමඟ එකවිට වාදනය කිරීමෙන් මිහිරි නාදයක් ඇතිවෙන ස්වර කිහිපයක් තියෙනවා. එහෙම නොවන ස්වර වාදනයෙන් තමයි අමිහිරි ශබ්ද ඇතිවන්නේ. මෙම සංසිද්ධිය පැහැදිලි කිරීමට පහසුම ක්‍රමය තමයි තරංග රටා.

මධ්‍ය ‘ස’ ස්වරයේ සහ උච්ච ‘ස’ ස්වරයේ සංඛ්‍යාත 256 Hz සහ 512 Hz බව අපි කථා කලා. එනම් එකක් අනික වගේ හරියටම දෙගුණයක්. මෙම සංඛ්‍යාත දෙක සහිත තරංග දෙකක් අතිච්ඡාදනය වීමෙන් ඇතිවෙන තරංගය චිත්‍රයට නැඟුවොත් ඔබට පෙනේවි එහි පහසුවෙන් හඳුනාගත හැකි රටාවක් තිබෙන බව. මේ නිසා මධ්‍ය ස ස්වරය හා උච්ච ස ස්වරය එකවිට වාදනය කරන විට ඇතිවන්නේ කනට මිහිරි නාදයක්. අනිත් ස්වර 11 සඳහාත් මෙම සම්බන්ධය වලංගු වෙනවා.

තවදුරටත් මේ පිළිබඳව අධ්‍යනය කරන අයෙකුට ‘ප’ ස්වරයේ සංඛ්‍යාතය ස ස්වරයේ සංඛ්‍යාතය මෙන් 3/2 (= 1.5) ගුණයක් බව පෙනේවි. එනම් ඒ තරංග දෙක එකිනෙක අතිච්ඡාදනය වීමෙනුත් රටාවක් මැවෙනවා.

ලිපිය අනවශ්‍ය විදිහට දිගු වෙන නිසා ලිපියේ අවසාන කොටස් කිහිපය ලියා ඇත්තේ ඉතා කෙටියෙන්. මින් ඉදිරියට සංගීතය හා විද්‍යාව අතර සම්බන්ධයන් සෙවීමට ඔබට භාර කරන්නම්.