මගේ ආදරණීය අම්මේ

Share

හ්ම්ම්ම්ම් මං ඔයාලව හම්බෙන්න ආවේ ගොඩ කාලයකට පස්සේ…ඒ කියන්නේ මාසෙකට පස්සේ වගේ..ඔයාල බලන්න ඇති මට මොකද උනේ කියල 😀 ඉතින් දැන් පෙබරවාරි මාසෙත් පටන් අරන්… මම මෙච්චර කාලයක් ඔයාලට ලිව්වේ ආදරෙන් වෙන් වෙලා ඉන්න කෙනෙක්ගේ සිතේ ඇතිවෙන හැගීම් මට දැනුනු හැටිනේ… මං ඉතින් මගේ අලුත් අවුරුද්දේ පලවෙනි නිර්මාණය විදිහට මාව මේ ලෝකෙට බිහි කරපු මගේ රත්තරන් අම්මා ගැන ලියන්න හිතුව…
මගේ ආදරණීය අම්මේ…. මේ කවි පෙළ ඔබට පුද කරමි…..

කිසිදා නොසිදෙන ආදරයේ උල්පත

ගෙදර බුදුන් යැයි කීවද බුදු බව නොපතාම
කුසේ දරා ගෙන බර හද සෙනෙහස පුරවාන
විඳගෙන අපමණ දුක් කඳ මෙලොවට බිහි කෙරුව
අම්මේ නුඹමයි හිරු මෙන් ලෝකය එලි කෙරුව

රෑ දාවල් දරුවන් ගැන හීන මාල ගෙතුව
පළඳා ඒ මාල ගෙලට උන්ගේ හැඩ බැලුව
හිස අතගා ආදරයෙන් උන්ගේ සැප පැතුව
රජ වෙන්නට යැයි නිරතුරු හිස සිඹ සෙත් පැතුව

අවසන් හුස්මත් සුළගේ පාවී යන තුරුම
ගව් සිය ගව් දුර උන්නද ඇහැ ගහගෙන ඉන්න
කඳුලින් සුසුමින් දරුවන් ලෝකය හැඩ කෙරුව
ආදර උල්පත අම්මා නොසිදෙන කිසි දිනෙක

image source :
footage.shutterstock.com