නාද නූ……

Share

හිස හැරුණු හැරුණු අත
නතර වී රිසි රිසි තැන
විසිරී අයාලේ ගිය
හික්මවා සප්ත ස්වර
හැඩ කර කැටයමින්
ඔප දමා විසිතුරු වණින්
මැවූ ගී ගායනා
සොයා දහසක් සවන්
ඉගිලී සැණෙන්
මකා ලූ අපූරුව
මතක ලොව නෙක වේදනා
සිහිනයේ සැරිසරමින්
මතකය අතර නවතිමින්
හදේ තෙරපෙන බෝ හැඟුම්
අකුරු කරනෙමි සොම්නසින්
දෑත ගෙන කළ රැඟුම්
කෝල වූ පෙම් බැලුම්
කෙළි ලොල් සිනා සරදම්
අතරින් හෙමිහිට මුමුණයි
රෙ…ප…ට…ක…
රෙ…ප…ට…ක…
රහසින්
බැඳී සෙනෙහෙන් යදම්
වෙලී අත්වැල් සොයුරු දම්
ගෙත්තම් කළ සොඳුරු
නූපුර සැලෙන නද
නාද නූ

 
Tagged :