සුචරිතාධාරය

Share

කවියකින් සමාජයට කරන්න පුළුවන් බලපෑම හරි ඉහළයි.

ජාතික තොටිල්ල, සිරිත් මල්දම, ලෝවැඩ සඟරාව, සුභාෂිතය වගෙ ලස්සන උපදේශාත්මක කවි පොත් බිහිඋනා වගෙම, මිනිස්සු අතර බොහොම ඉක්මනින් ආදරයට පත් උනෙත් ඒ නිසාමනෙ.

ඔයාල අහල නැතුවත් ඇති. හැබැයි, ඒව වගෙම තවත් වටිනා පුංචි පොත් පිංචක් තමයි මේ !

දන් පින් වඩමින් මනු ගුණදම් නිබඳ

මෙත් සිත් කරුණා මල් හදවත පැළඳ

සැම සුව සදනට අදිටන කර නොමඳ

පැතිරෙයි දස දෙස ඔබෙ කිතු ගොස සුවඳ

 

යහපත කරන කරවන්නට දෙන දහිරි

හද ගැබ පුරා අවිහිංසක ගුණ සපිරි

අරුමෙක් නොවේ මාපියගෙනි පින් අසිරි

හැම දන තුඩ ඔබෙ ගුණ රැව්දෙයි ඉතිරි

 

ලොව සරසන අවියයි හික්මෙව් සිතය

දැවෙනා ළය සනසන මනරම් සවිය

දෙලොවම සුව වඩවාලන මහ සැපය

ඉවසීමයි මිහි මත වටිනම රසය

 

රැස් කළ හැම දේ අවසන මරණය වෙයි කෙළවර

දුන් දෙය ඔබ සතු වෙනවා කිසි කල නොම අහවර

ඇරයුම ඔබටයි කෙරෙනා පිළිගනු මැන අවසර

අදම පටන් ගනිමුද සිහි තබමින් මුල් පියවර

 

මතු භවයට ගෙන යන්නේ කිම මහ ණය බර ඇප

ලද මනුසත් ජන්මෙට කෙලෙසක වේවි ද එය කැප

සැප යැයි ගත් දුක් අත හැර විඳිනට නොසිඳෙන සැප

මුළා උනේ කොතැනද ඇයි භව සසරේ තව අප

 

සමු දෙන්නට බැරි සසරෙහි බැඳීමට

හමු වෙනවා අපමණ දුක් විඳීමට

ගමු අදිටන යළි යළි නොම රැඳීමට

යොමු වෙමු කුසලෙන් උත්තම නිවීමට

 

Image link: https://bit.ly/333v0Xq

 
Tagged : / /