පසුගිය දින කටුකුරුන්ද ධර්මපාල මහා විද්‍යාලයේ දී මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්හට විද්‍යාව වැඩමුළුවක් පැවැත්විණි. අප FOS media කණ්ඩායම එහිදී එම කර්තව්‍යය සදහා ඇප කැපවී වැඩ කලා.අප හට මාධ්‍යකරණයේ තවත් සන්ධිස්ථානයකට යාමට එම වැඩමුළුව මගින් විශාල පිටු බලයක් ලැබුනා. ඇත්තෙන්ම ප්‍රදේශයේ තිබෙන ජනප්‍රිය පාසලක් වන ධර්මපාල විද්‍යාලයේ සිසුන්ගේ විද්‍යා සහ ගණිත දැනුම පුළුල් කර එමගින් සාමාන්‍ය පෙළ විභාගයට නොබියව මුහුණ දීමට වාතාවරණයක් සකස් කරදීම අපගේ මුලික අරමුණ වුණා. සාමාන්‍ය පෙළ කඩ ඉමේ බොහෝ සිසුන්හට ඉතාමත් දුෂ්කර විෂයයන් වන්නේ විද්‍යාව සහ ගණිතයයි. අපහට එම මහගු කාර්යය සදහා සම්බන්ධීකරණයෙන් අමිල සොයුරා ද එම විදුහලේ ගුරුවරියක වූ ඔහුගේ දයාබර මව ද අපව ඒ සදහා දිරි ගැන්වූ මුදිත සර් ද මෙහිදී සිහිපත් කිරීමට කැමතියි.
අප සිසුන්හට ප්‍රශ්න පත්‍ර සකස් කර එම ප්‍රශ්න ඇසුරෙන් ඔවුන්ගේ න්‍යායාත්මක දැනුමේ තිබූ අඩුපාඩුකම් හදුනා ගනිමින් ඒ ඔස්සේ ඔවුන්ගේ දැනුම පුළුල් කිරීමටද අප සමත් වුනා. වැඩමුළුවට සහභාගී වූ සිසුන්ද ඉතාමත් ප්‍රීතියෙන් මෙන්ම වෙනදාටත් වඩා වැඩි උනන්දුවකින් අප සමග අදහස් හුවමාරු කරගනිමින් ඉතාම සාර්ථක ලෙස ඔවුන්ගේ අධ්‍යන කටයුතු කරගෙන ගියා.
සාමාන්‍ය පෙළ විද්‍යාව විෂයයෙහි ප්‍රධාන කොටස් තුන වන ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව යන කොටස් තුන මුළුමනින්ම ආවරණය කිරීමට අපහට හැකියාව ලැබුනා. අපහට ලැබුණු ප්‍රතිචාර කොතෙක්ද කිව්වොත් ඔවුන් අප නැවත එන්නේ කවදාද යන්න අසමින් ඉන්න බව අපහට දැනගන්න ලැබුනා. දින දෙකක් පැවැත්වූ විද්‍යාව වැඩමුළුවට අපගේ කණ්ඩායමේ අමිල, මම, දිල්ෂාන්, අනුපමා, දමිත්‍රි පලවෙනි දවසේද මම, අමිල, රෙහානි, චාරුනි, දමිත්‍රි, දිලිනි දෙවෙනි දවසේ ද සහභාගී වුනා.
අප මෙවන් වැඩමුළුවක් ගණිතය විෂය සදහාද පැවැත්වීමට සුදානම් වී සිටිනවා. මම එම වැඩමුළුවේ විස්තරද මෙවන් ලිපියකින් ඔබලා හට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ලිපිය අවසන් කිරීමට පෙර ශ්‍රීමත් එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ ප්‍රකාශයක් පැවසීමට මා කැමතියි. එනම් “මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි”