තවත් එක් සඳක්

Share

මගහැරුනු නෙත් වලින් අතීතය විමසන්න
සදවතිය ආකාසෙන් මිදී කිමිදී එන්න
එලිනොවෙන පැයක් වුව කමක් නැහැ සිපගන්න
හෙටින් රැය නිමයි රෑ හැගුම් මල් පරවෙන්න

ආදරෙන් උදම් වුන දියෙන් මුව සරසන්න
තදින් බැදි වෙලුම් සෙනෙහස් දියෙන් ලිහවන්න
උණුහුමට හැකියි දෙහදක් සිතින් ඈදන්න
කමා සොදුරේ පමා වලා අතරින් එන්න

සදත් සුරතල් වෙමින් වලා තුරුලේ නිදන
හමා යන සුලං වෙත කියයි රහසින් මෙහෙම
දැවටෙමින් නුබේ නිල් වරලෙන් රටා මවන
තවත් එක් සදක් පායා කිමැයි නොදැනීම

Written by: හැගුම් පන්හිඳ

Image courtesy:
Featured image: https://tinyurl.com/33kr3km8

 
Tagged : / /