අවදිය ම මනකල්
වසත් කාලය ම නම්
මන්ද ප්‍රේමය සිහි විකල්
තවම නොදනිම් මෙමං
ගිරි හිසක් සිප එන නලක් ළඟ
නැළවුමක් තුසුමක් විඳින
නිමවුමක් නම් ස්නේහය ම
කරුමයක් වී ලොව කිමද
ගඟ දෙපස ඉවුරක උණුහුමක්
ලබයි ගං දිය සැනසුමක්
මව් පියන් දුන් පෙම කප්පරක්
මන්ද ආලෙදි එය පැරදුමක්
සිප් සතර පොවනට ගත් දුකක්
දන්නෙ ඉර හඳ වුණත්
පසෙක ලා නැණ නුවණ හුදෙක්
ඇයිද අන්ධ ව මං මුලාවක්
ගිලිහිලා යන වතත්
වැටකෙයියා පඳුරක
තානායමක් ළඟ වුණත්
හිනැහිලා අඬනු ඇයි
හෙට පිපෙන මල්
ජීවිත පර කරන්…
Image link: https://bit.ly/3D2Noji