අහෝ සිංහරාජය !

Share

 

‘සිංහරාජ වැසි වනාන්තරය’ කීවාම වැදගත්කම, වටිනාකම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ලංකාවේ ජීවත් වෙච්චි අවසාන සිංහයාට වාසස්ථානය උනේ මේ මහා වනාන්තරය කියල කතාවකුත් තියෙනවා.

ඒ දේවල් කොහොම උනත්, පහුගිය දාක අහන්න ලැබිච්ච බොහොම අවාසනාවන්ත පුවතක් තමයි මේ සටහන ඉදිරිපත් කරන්න මූලික උනෙ.

විල්පත්තුවෙ නැඟුණු රැල්ල සිංහරාජෙ නැත්තේ
කසුකුසුවක් නැති තරම්නෙ සැකයකි ඒ පැත්තේ
රට දැය ගැන පපු කකියන හැඟුම අපිට ඇත්තේ
ලක්වැසියනි වහ වහාම අපි එක්විය යුත්තේ

වනය මැදින් පාරක් ඉදි වෙනවාලු
නරඹන්නට අවස්ථාව දෙනවාලු
බැකෝ එහෙම ලොකු වාහන යනවාලු
ආසියාවෙ අංක එකට එනවාලු

යුනෙස්කෝව නම් කළ අපෙ ලෝක උරුමය
සොබා සිරිය විස්මය උපදවන මහිමය
තවත් බලා සිටියොත් නිහඬවම කරුමය
අපෙ හුස්මත් සිඳේවි රැකගැනුම බොරුම ය

සතුන් පඳුරු දියඇලි ගස් බොහෝ වෙතී
වටිනාකම කියලා නම් නිමක් නැතී
මටත් මෙන්ම ඔබටත් යුතුකමක් ඇතී
සිහියට ගෙන රැකගමු උපදවා බැතී

සිංහරාජෙ වෙනුවෙන් රොද බැඳෙන්න
නිදා නොයිඳ ඇස් ඇරලා බලන්න
ලක්මවගේ කඳුළ රිදුම දකින්න
එපා දෙන්න නිවටයින්ට නසන්න

Image Link : https://bit.ly/3b5zVdf

 

 
Tagged : / /