අවිය අතරින් හෙටක් දකිමින්
මුර අඩවිය අභියසින්
දහසක් පැතුම් තුරුලු කරමින්
නිරුත්තර බැලුම් හෙළමින්
අඳමිටු කුරිරු ත්‍රස්තයන් හට
ගැලවී යා නො හැකි වන සේ
අවිය නිති දරා
සිටියේ මුර දේවතා එළි ලෙසා
බුර බුරා නැගි දුම් වළා
අහස් කුස දස ඉගිලුණා
කටු කම්බි නැඩ පඳුරු දැකලා
දෑස් බොර පැහැ වුණා
එදා රණබිම සොහොනකි මෙදා
පියැඹුණි උණ්ඩ තණපත් බෙදා
සෝ සුසුම් මැද අප දවා
මුර දෙව් නින්දක සදා
රණබිමත් අද ගොලු වෙලා
නිහඬතාවය රජ වෙලා
සුළං රැල්ලක් ලෙසේ ඉඳහිට
ඇසේ දේශප්‍රේමය ස්වර වෙලා
අවී හැඬූ බිම සරු වෙලා
රුදුරු ගිනි දැල් පර වෙලා
සාමයේ තණ පලස මතුපිට
සුවඳවත් මල් පිබිදිලා
කිසිදා නො මියෙන මල් පිබිදේවා
මේ විරුවන් මළ බිම මත්තේ
එමල පිපෙන්නට වාරු උවැසි නැත
කඳුලු රුහිර ගැලු සාර බිමේ
ඡායා රූ යොමුව : https://www.stolbun.org/uvph/aspire-and-inspire-a-custom-painting-of-you-as-a-soldier-returning-home-to-your-kids