හුදකලා අඩ අඳුර මැද්දේ
රැය පහන් වන තුරාවට
වීදියේ මහ පාලමේ
කෙළවරේ හිඳිනා
දහවලේ සරණක් සොයා ගොස්
වාරු නැති දෑතින් අයැදියේ
රුපියලක් සතයක්
දුන් නොදුන් කාටත් ම එක සේ
හිස නැමූ මිනිසා
හිසට සරණක් නැතිව ළතැවෙන
දිය බිඳක් මුවඟට කිට්ටු කර
දැවූ කුසගිනි නිවාලන්නට
වෙර දැරූ ඒ වීදි මිනිසා
නොදුටුයෙමි ඒ විඩාබර රුව
කාලෙකින්,
සැරයටිය නම් තව ම ඇත
එදා වාගෙ ම වීදි කෙළවර…
Image Link : https://bit.ly/3kDs0bs