ඡායාරූපකරණය නම් වුනු අරුම කලාවේ ඉතිහාසය ගොඩ නැගුනු හැටි…

Share

නිශ්චල කැමරාව යනු එක් කාලයකදී එක් මිනිසෙක් විසින් කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස බිහිවූවක් නොව බොහෝ දෙනෙකු විසින් විවිධ කාලවල කරන ලද පර්යේෂණ රැසක අවසාන ප්‍රතිඵලයයි. ක්‍රි.ව. 1100දී කැමරාව පිළිබඳ මුල්ම සාක්ෂිය හමුවන්නේ, අරාබි ජාතික “අල් හසන්” ගේ සටහන් වලිනි. ඔහුගේ සටහන් වල කැමරාව පිළිබඳ මූලික කරුණු ඇතුළත් වේ. ක්රික.ව.1267 විසූ රොජර් බේකර් නම් ඉංග්‍රීසි ජාතිකයාගේ සටහන් වලද, කැමරාව පිළිබඳ සටහන් වී ඇතත්, ඒ පිළිබඳ පැහැදිලි ලෙස කරුණු දක්වා නැත.

කැමරාව පිළිබඳ පැහැදිලි ප්‍රමාණවත් ලිඛිත සාධකයක් හමුවන්නේ 1452 – 1519 කාලය තුළ විසූ ලියනාඩෝ ඩාවින්චිගේ සටහන් වලය.ආලෝකය පරාවර්තනය වන ඕනෑම දෙයක සේයාවක්, තත්වාකාරයෙන් හා ස්වභාවික වර්ණයෙන් අඳුරු කුටියක් තුළ තිබෙන කඩදාසියකට වැටීමට සැලැස්විය හැකි බව ඔහු සඳහන් කළේය. මෙම අඳුරු කුටිය(Camer) පිළිබඳ මතවාද ක්ර මිකව දියුණු වී කැමරාව බිහිවීම ඇරඹුණි.

අඳුරු කුටියක ඇති කුඩා සිදුරකින් ලැබෙන ආලෝකය මඟින් ඇතිවන සේයාව, කාචයක් තුළින් ලබා ගැනීම දක්වා වර්ධනය කළේ “ඩැනියෙල් බාබරෝ” නම් ඉතාලි ජාතික වංශාධිපතියා විසිනි. ඒ 1568 වසරේදීය. නමුත් විද්වත් සමාජය එය කැමරාවක් ලෙස පිළිගත්තේ නැත.

රිදී ලවණ අඳුරු වන්නේ වායුගෝලීය ක්‍රියාවක් නිසා නොව ආලෝකයේ ක්‍රියාවක් නිසා බව ජර්මන් ජාතික හෙන්රි ජූල්ස් 1727 දී නිරීක්ෂණය කළේය. සිල්වර් ක්ලෝරයිඩ්(Agcl) ආලේපනයක් යෙදූ සිතියම් තහඩුවක් මත සේයාවක් සටහන් කර ගැනීම හෙන්රි විසින් කළ නමුත් එය ස්ථාවර කරගැනීමේ ක්‍රමවේදයක් ගැන ඔහු උනන්දු නොවීය. මෙම ක්‍රමවේදය කැමරාවක් භාවිතාවෙන් තොරව කළ එකක් නිසා මේ කෙරෙහිද, විද්වත් සමාජය තැකීමක් නොකළහ.

18 වන සියවසේ ආරම්භය වන තෙක්ම කැමරාව නම් මෙම අඳුරු කුටි සංකල්පය භාවිතා කිරීම ඡායාරූප ශිල්පය සඳහා භාවිතා කළේ, චිත්‍ර ශිල්පීන් සහ සිතියම් අඳින්නන් විසිනි. තාරකා විද්‍යාඥයන් විසින් ද ඇස් වලට අපහසුවකින් තොරව සූර්යග්‍රහණ නැරඹීම සඳහා ඒ අඳුරු කුටිය භාවිතා කළහ.

11

මෙසේ අඳුරු කුටියක් තුළට කුඩා සිදුරකින් ආලෝකය ලබා ගැනීම Camera Obscura(කැමරා ඔබ්ස්ක්යුුරා – අඳුරු කුඩා කාමරය ලෙස ග්‍රීක භාෂාවෙන් කියනු ලැබේ) ලෙස හැඳින්විණි. මෙම රූප සටහන මඟින් එහි ක්‍රියාකාරීත්වය වඩාත් හොඳින් පැහැදිලි වේ.

මෙසේ අඳුරු කුටිය තුළදී කඩදාසියට වැටෙන ආලෝකය මඟින් ඇඳෙන සේයාව ස්ථාවරව පවත්වා ගැනීම සඳහා එම යුගයේ බොහෝ දෙනෙක් විසින් පර්යේෂණ සිදු කළහ.

ගස්වල කොළ ආදියෙහි වර්ණයන් වෙනස් වන්නේ සූර්යාලෝකයේ ක්‍රියාකාරීත්වය නිසා බව ක්‍රි.පූ. 350 දී ඇරිස්ටෝටල් විසින් ප්‍රකාශ කර තිබූ අතර ක්‍රි.ව. 23 -79 විසූ ප්ලයිනි(Pliny) වායුගෝලයේ සහ ලෝහමය රිදී මත ඇතිවන ක්‍රියාකාරීත්වය ගැන මත පළ කළේය.
රිදී මිශ්රආණයක් ආලෝකයෙන් අඳුරු වන බව ක්‍රි.ව.800 විසූ අරාබි ජාතික “ජබීර් ඉබාන් හයියාම්” විසින් සොයාගත් අතර සිල්වර් නයිට්රේට් (AgNo3) නම් රසායනික සංයෝගයෙන් මේ වෙනස ඇතිවන බවත් නිරීක්ෂණය කළේය.

මෙසේ විවිධ පර්යේෂකයන් විසින් ආලෝක සංවේදී මතුපිටක් මත රූප සේයා ස්ථාවරණය පිළිබඳ නොයෙකුත් පර්යේෂණ සිදු කළේය. එංගලන්ත ජාතික තෝමස් වෙස්ට්වුඩ්(Thomas Westwood) හා හම්ප්‍රි ඩේවිඩ් යන පර්යේෂකයන් විසින් 1727 හෙන්රි ජූල්ස් කළ පර්යේෂණයේ පදනම මත සිල්වර් නයිට්රේරට්(AgNo3) හා සිල්වර් ක්ලෝරයිඩ්(Agcl) යන රසායනික සංයෝග යොදා ගෙන කළ පර්යේෂණ මඟින් කැමරාවක් ආධාරයෙන් ක්ලෝරයිඩ් කඩදාසියක් මත ඡායාරූපයක් රඳවා ගත හැකි විය. මේ සඳහා ඔවුහු තාරකා සූක්ෂම දර්ශනයකින් සංඝත කරන ලද ආලෝකය භාවිතා කළහ.නමුත් මෙම සේයාව ස්ථාවරණය සඳහා ඔවුන්ට ක්‍රමයක් සොයා ගැනීමට නොහැකි විය. 1802 වසරේදී වෙස්ට්වුඩ් මියගිය බැවින් ඡායාරූප සම්බන්ධ පර්යේෂණ වලින් හම්ප්රි ඩේවිඩ් ද සමුගත්තේය.

ජෝසප් නිසපෝර් නිප්සේ (Joseph Nicephore Niepce) – (1765 – 1833)

12

ප්‍රංශ ජාතික ජෝසප් නිසපෝර් නිප්සේ විසින් ආලෝකය මඟින් ඇතිවන සේයාව ස්ථාවරණය කිරීමට කරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස 1826 දී කඩදාසි මත ඡායාරූප ස්ථාවරණයේ වෙනස්ම ක්‍රමයක් සොයා ගත්තේය.

නිප්සේ ඊට භාවිතා කළේ ආලෝකයට නිරාවරණය වී ආලෝකය හා ප්‍රතියාවෙන් දියවී නොයන ලෝහමය රසායනික ආලේපයකි. යුදෙව් ජාතිකයන් “කීල්” යන නමින් හැඳින් වූ මෙය තාර උණු කිරීමෙන් ලැබෙන ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයකි.

මෙම ආලේපනය තුත්තනාගම්(Zn) තහඩුවක ගල්වා එම තහඩුව කැමරාවක් තුළට දමා ආලෝකයට නිරාවරණය කළ විට, ආලෝකය නොවැටුණු තැන් දියවී යයි. මෙම තහඩුව ගිනි වතුරෙන් පිරියම් කිරීමෙන් ඉතිරිවන සේයාව සාමාන්ය් මුද්‍රණාලයකදී මුද්‍රණය කරන ලදි. නිප්සේගේ ක්‍රමය මඟින් ඡායාරූපයක් ලබා ගැනීමට පැය 8 – 10ත් අතර අධික අනාවරණ කාලයක් ලබා දිය යුතු විය. නිප්සේ විසින් මෙම ක්‍රමය භාවිත කර ලබා ගත්තේ ඔහුගේ පරීක්ෂණාගාරය ඉදිරියෙන් තිබූ වහළයක පියස්සකි.

13
නිප්සේ විසින් ගත් වහළයක පියස්ස

නිප්සේ මිය යාමට ආසන්න සමයේ, නිප්සේ ඇසුරු කළ ලුයිස් ජේකස් මැන්ඩේ ඩැගියුරේ (Louis Jacques Mande Daguerre) විසින් අත්හදා බැලූ වෙනත් ක්‍රමයක් සාර්ථක විය.1839දී ඩැගියුරේ විසින් “Daguerreotype – ඩැගියුරෝටයිප්” නමින් නව ක්‍රමයක් නිදර්ශන සහිතව ඉදිරිපත් කළේය. මෙම ක්‍රමය මඟින් මේ වසරේදීම ඔහුගේම උඩුකය ඡායාරූපයක් ගෙන ප්‍රසිද්ධ කළේය. ඩැගියුරේගේ ක්‍රමය වූයේ, ඔප දැමූ රිදී ආලේප කළ තඹ තහඩුවක්, රිදී අයඩීන් (AgI) හුමාලයට අල්ලා, ආලෝක සංවේදී සේයා තහඩුවක් සාදා ගෙන එම තහඩුව කැමරාවක් තුළට දමා දීර්ඝ කාලීන අනාවරණයකින් ප්‍රතිබිම්භය සටහන් කර ගෙන පසුව එය රසදිය හුමාලයට අල්ලා, ලවණ මිශ්‍රණයක බහා, රූපය ස්ථාවරණය කර ගත්තේය.
මේ සඳහා ඩැගියුරේ භාවිතා කළ ලවණ මිශ්‍රණය වෙනුවට පසු කලෙක “Sir John Frederick William Herschel” විසින් “Hypo” හෙවත් “සෝඩියම් තයෝසල්ෆේට්(Na2S2O3)” ද්‍රාවණයක් යෝජනා කළේය. එම ක්‍රමය මෑත කාලීනවත් පටල පට විකාශන ක්‍රම සඳහා යොදා ගනී.

ඩැගියුරේගේ ආලෝක සංවේදී තහඩුව, ඉංග්‍රීසි ජාතික Henry Fox Talbot(හෙන්රි ෆොක්ස් ටැල්බට් – 1800 – 1877) විසින් පටලයක් දක්වා වර්ධනය කළේය. දීර්ඝව කළ පර්යේෂණ මත සෘණ පටලය බිහි කර, යම්කිසි අරමුණක්(වස්තුවක්) සෘණ පටලය මඟින් අනාවරණය කර, එම පටලය විකාශනයෙන් තවත් දළ පිටපත් බොහෝමයක් නිර්මාණය කරගැනීමේ ක්‍රමවේදයක් ටැල්බට් විසින් ලොවට හඳුන්වා දුන්නේය.

1888 වසරේදී ජොර්ජ් ඊස්ට්මන්(George Eastman) විසින් සේයා පටල, රෝල් ලෙස නිපදවීමත් සමඟ ඊස්ට්මන් කොඩැක් සමාගම මඟින් ලොව මුල්ම පෙට්ටි කැමරාව(Kodak Box Camera) නිපදවා එතෙක් චිත්‍ර ශිල්පීන් සහ පර්යේෂකයින් කිහිපදෙනෙකුට පමණක් සීමා වූ ඡායාරූපකරණය ශීඝ්‍රයෙන් ජනගත කිරීමට සමත් විය. මුල් යුගයේ සිනමාව හා සම්බන්ධව කෙරුණු අත්හදා බැලීම් සියල්ලම පාහේ මෙම Kodak පටල පට භාවිතයෙන් සිදු වූ ඒවා විය.

Kodak Box Camera
Kodak Box Camera

15

Image Sources:

යසස් සෙනරත් වීරකැටිය
Dip in Photography-University of Kelaniya  | LAVTI- First grade in Photography