තෙලි තුඩග නුඹ,
ලියූ කවි මල් පතක,
සිපගත්තාලූ සමනළ තටුවක්,
පිණි වැටෙන හිමිදිරියක.
කොකණද වීණාව ඔබ,
වැයූ සිවර මල් කෙණ්ඩියක,
ගිලගත්තාලු සමනළ තුඩක්,
පිණි වැටෙන හිමිදිරියක.
එකින් එක ඒ පද,
මුසුව ස්වර මීවිත එක්ක,
උපත දුන්නාලු පුත් ගීයකට,
පිණි වැටෙන හිමිදිරියක.
ඒ සුපසන් පුත් ගීය.
එක්ව සුදු සමනළිය,
වැන්දාලු සිරිපා පතුල,
පිණි වැටෙන හිමිදිරියක……..