පින්කාර සඳ

Share

රුවන් සඳ වත – වඩී වැව වෙත
කිමිදෙන්න – වැව් දියේ හෙමිහිට
සඳ කිණිති වැද – නිශා වෙණ තත
එයින් ඔකඳ ව – වය යි ස්වර පෙළ
සඳේ සොමි ගුණ – තුරුළු කරගෙන
ගලාගෙන ගිය – දයාබර ස්වර
පසාකරගෙන – විඩාබර සිත
කිඳා බැස්සා – හදේ පතුළට
වෙහෙසකර සිත – නිවන් යන විට
සදාකාලික – අස්වැසිල්ලක
මෙදා වාගෙ ම – හෙටත් පායන
නුඹ යි අඳුරට – පින්කාර සඳ