රෝස කුසුමක් පිපී හිනැහේ
මගේ කුටියට පිටත මිදුලේ
ස්වේත සලු ඇන්ද ඈ සිනාසේ
නටන අතරේ පවන් රැල්ලේ
ඈගෙ සුමියුරු සුවද විහිදේ
හැම තැනක මගෙ නිවස ඇතුලේ
බඹර රොත්තක් නටා ඉගිලේ
රෝස කුසුමිය දුටුවෙලේ
දවල් කාලය ගෙවීගිය සන්ද
සවස් යාමය වුයේ
මගේ කුටියේ කවුලු වැසුවෙමි
බලා, හිනැහෙන ඈ දෙසේ
නොසිතුලෙස මා මහා වැස්සක්
බිම සිබින්නට විය අනේ
රෝස කුසුමට කුමක් වේදෝ
සිතා මා සිත ලත උනේ
පුරුදු ලෙස මා දෙවෙනි උදයේ
කවුලු හෙරියෙමි මගෙ කුටියේ
බඹරුන් ද නැත සමනල්ලු නැත
අහෝ අසරණ රොස මළගේ