අමාවක සඳ පෑයූ දිනක,
නිකමට මෙන් අහස දෙස බැලීමි.
තරු රැසක් නෙක වණින් දිළේ..
හිතුවේ තරු ගැනුමට නම් නොවේ.
‘මේ තාරකා ම මින් පෙර වූ විදුධරයෝ
කෙතරම් උද්යෝගයෙන් හැදෑරුවෝ ද?’
යන්න මසිතට පැමිණි හැටි,
අහෝ! උන් ගිය දුර තාරුකවලටත් එහා…
ඒ අතළොස්සට එහා ගිය තවත් දෑ
මේ තරු අතරම සැඟවී ඔහේ ඇති..
එදා සහ අද තරු;
සොයමු තව තවත් තරුවක් වන්න!
ආ…!! අන්න වැටෙන තරුවක් !!
ප්‍රර්ථනාවක් ඉටා ගත්තෙමි.
“අනේ…! සිත ගිය දුරක්
ඩෙස්කුව මත ප්‍රශ්න පත්‍රය පෙරළුනු වනම තවමත්”
නිශ්ඵල ද මන්දා
