හදේ ගැඹුර

Share

geeeth_post1

වයඹ වා අඹ
වායුවෙන් වැහි දිය හටගන්නා……..
බලා සිටියෙමි
නිවා සනහන තුරු හිතේ සංකා මෙමා
වෙන්නරු වෙඬරු වැව් අභියස හිඳ;
අව් රැසින් තෙතමනය සිඳී ගිය;
ඇබින්දක වැහි පොදක් ඉල්ලා…….
එයින් අවසර පල ලබන උන්
හිතේ ගැඹුරට හාරමින්
ඇඟේ රොන් මඩ ඉවත ලා…..
හිතන්නට ඇති,
හොඳම දේ හිතේ පීඩා නිවනා විනා
හදේ රැඳි ඒ සොඳුරු තැන්
මකා දමලා මා දමා
සැදුනු හිස්තැන් වාවනු ද බෑ දැන්…..
ඉතින් ඉන්නම් මඟ බලා……..
සුසුම් වැල් සෑහෙන නියා……..
මේඝ දූතයක්වත් වී……….