දසත විසුළ දහසක් සිතිවිලි අතර
සිත් සේ රැඳෙන්නට වෙන් වූ ඉඩ හසර
ආශා නො නිමි දල්වා රිසි බලා හිඳ
සිටුමට කාලය නොම වේ පිය මිතුර
ස්වප්න මැදුරු නෙතු අද්දර වියැකී
එක මග දෙදෙනෙකුට යන්නට මග ඇහිරී
තාලේ තබමි නිම වෙන ගීයට සමු දී
එනමුදු ඔබ දෑත තාමත් මා අත පතතී
පුබුදු මගේ හසකැන් ඔබ හට විය මල්දම්
කුලුණු මගේ නෙතුකැන් ඔබ හට විය පින්දම්
තුරුණු මගේ හද විල ඔබ හට මල්කම්
යළිදු නොම බැඳේ ඔබේ නමට රන්දම්
සසර පුරුදු ඇති අය ළඟ අප නැවතී
ළකලු හදින් ආදර ගෙත්තම වියතී
අඩ සඳකට වඩා පුර හඳ අහසට අසිරී
ආලේ රසඳුනකි ඔබ හද නොම හැඳිනී
Image Courtesy : https://bit.ly/3dKFe2U