හිනාවෙන් විහිළුවෙන් දවල් රෑ පුරා
හැම දෙනාමත් එක්ක ළඟින් සැරි සරා
ගින්දරක් තරමට ම ගන්න බැරි දරා
කඳුළු උණු උනනවා පපුවටත් හොරා
වට වෙලා ගැවසෙද්දි යාළුවෝ හැම තැන ම
දැනෙනවා අඩුවකුත් පියවන්න බැරි බොහොම
කතා හඬ රැව් දිදී මතකයන් බැඳි සුසුම
අනේ ඉකි බිඳිනවා සිහිනයක් ම යි තව ම
රත්තරන් මිනිසුන්ට ආයුෂය කෙටී
ඉක්මනින් බැබළිලා සමු ගන්න හැටී
සසර හරි බියකරු යි කිමෙද තව ගැටී
මරණෙ නම් නියත ම යි සිහි කළොත් වටී
කාටවත් වචනෙකින් දුකක් දුන් නැතී
හදවතේ උඹෙ නමින් මල් පිපෙනු ඇතී
පුදසුනින් සිහි කරන් වාරෙකුත් බැතී
ආදරෙයි හේෂාන් මචං බොහො තුතී
Photo Credits: Dulan Mahamithawa