ස-සමඟ සදාචාරය

Share

සිතුවිලි-සංකල්පනා සංකෝචනය තුලින් ස්වයං උද්දීපනයේ තිත දුටුවේ නම්, මනා කොට ගත හැකිය. සාර සංසේචනයකට නෙත් යොමා සිටින සදාචාරය හුරුළු දී අයදින්නේ එකී පුෂ්පයයි. සහ-සම්බන්ධයක ප්‍රේමවිලාපය එය වඩාත් තීව්‍ර කරනු ඇත.

සංවාද රහිතව, සදාචාරය යනු පුළුල් දෘෂ්ඨ කෝණයක් සහිත පාඨයක් බවට ඔබ මා හට මනාපය පළ කරනු ඇත. සලකුණක මායිම සනිටුහන් කළ නොමැති අවේණික වු සදාචාරයක් සැවොම උරුම කර ගෙන ඇත්තෝය. සාරධර්ම සියල්ලක්ම අතීතය පසු කොට වර්තමානයට නොපැමිණියද, අපි තවමත් ඒ අතීතයට ආදරය කරන ජාතියක් ලෙසට පෙනී සිටින්නෙමු. සාම්ප්‍රදායික පද්ධතිය විසුණු කරවමින්, අතිශයෝක්තිය අතික්‍රමණය කළ විලාසිතා කුණාටුවකට අප හසු වී ද? සත්‍ය සහ අසත්‍ය අභිමුව කතිර ගැසීම මගේ පන්හිඳට උරුම දෙයක් නොව.

ස්වකීය මතය සනාථ කරනු වස්, ලෝකවාසීහු කාලානුරූපීව අනන්‍ය වු සදාචාරයකට ඇළුම් කරති. සකර්මණ්‍ය ලෙස සැළකිය යුතු සදාචාර රුක්ෂයේ අනාචරය හුදෙක් හෘද සාක්ෂියට පමණක් ලඝු වුවද එය අනුමත නොවිය යුතු බව මගේ හැඟීමයි. සදාකල් නොපවතින මුසාවාදය කතා කළ යුතු මුත්, නොකළා හා සමානය.සෑම කල්හීම වැදගත් පරාර්තකමීත්වයද මේ සා අවධාරණය කළ යුතුය.

සීතල සුයාමයක ස්වභාවිකත්වයට ආලය කළ හැකි නම් ගැටළු අපට වෛර කරනු ඇත. සරලව කිව්වොත් සිහිනයට පියාපත් ඉල්ලන්නේ නැතුව හිටියොත් ප්‍රශ්ණ ගොඩක් අඩුයි.

සංතුලනාත්මක සන්දර්භයක සාපේක්ෂ සටහන…….