ඔවුන්ට ඔබේ අත දෙන්න – සහස් 2015

Share

නොකඩවා අවුරුදු තුනක්, එනම් 2012 අවුරුද්දෙන් ඉදන් පටන් අරගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පිඨයේ රසායන විද්‍යා සංගමය විසින් “සහස් 2015” ව්‍යාපෘතිය මෙවර ද හතරවෙනි වරටත් පැවැත්වීමට රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ තුන්වෙනි වසරේ විශේෂ උපාධි අපේක්ෂක අප විසින් කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින වා. උසස් පෙළ විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබන ආර්ථික අපහසුතා ඇති, නමුත් විශ්වවිද්‍යාලයට යාමට ඉතාමත් ආසාවෙන් පෙලෙන දක්ෂ නංගිලා මල්ලිලාට ඔවුන්ගේ සරසවි සිහිනය තවත් සිහිනයක් බවට පත් නොකර යතාර්ථයක් බවට ම පත් කිරීම අපගේ අරමුණ යි. 2012 අවුරුද්දේ බදුල්ලෙන්, 2013 අවුරුද්දේ මොණරාගලින් සහ 2014 පසුගිය වසරේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වුණු මෙම ව්‍යාපෘතිය අති සාර්ථක වූ බව නොරහසකි.

මෙවර අප විසින් තෝරා ගනු ලැබුවේ කුරුණෑගල – හලාවත මායිමේ පිහිටි බිංගිරිය ශ්‍රී සරණංකර මහා විද්‍යාලය යි. ඒ අවට පාසල් කිහිපයකින් සිසු සිසුවියන් 350 දෙනෙකුට පමණ අපගේ අත්වැල ඔවුන්ට ලබා දීමට අප බලාපොරොත්තු වෙන වා. සැප්තැම්බර් මස 27 ඉදන් අප විසින් උසස්පෙළ රසායන විද්‍යා ප්‍රශ්න සම්මන්ත්‍රණයක්, රසායන විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ වගේ ම අවසානයේ මැජික් සංදර්ශනයක් ද පැවැත්වීමට බලාපොරොත්තු වෙන වා. ඒ වගේ ම ඔවුන්ට අවශ්‍ය කරන;

  • පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (ජීව විද්‍යා, රසායන විද්‍යා, භෞතික විද්‍යා, සංයුක්ත ගණිතය)
  • උසස් පෙළ විද්‍යා විෂයන්ගේ විෂය සමගාමී පොත් (අච්චු පොත්)
  • අභ්‍යාස පොත්
  • නිබන්ධන
  • අනෙකුත් අවශ්‍ය ලිපි ද්‍රව්‍ය

අපට අවශ්‍ය කරන වා. එම සියලු ම ද්‍රව්‍ය විද්‍යා පීඨ පුස්තකාලයේ “bag counter” වෙත භාර දෙන්න පුළුවන්… ඒවා මේ මාසයේ 23 වෙනි දා වෙනකන් බාරගන්න වා. ඒ නිසා ගෙවල්වල තියෙන ඔවුනට සුදුසු යැ’යි සිතෙන පොත්-පත් අපට බාර දෙන්න කියලා අපි කාරුණික ව ඉල්ලා සිටින වා. ඔයාලගේ ඒ පුංචි උපකාරය ඔවුන්ට මහඟු උපකාරයක් වන වා නොඅනුමාන ය.