නො ගැටුනත් පොත් පත් හැම දිනක
නො වරදින බෙහෙත් නම් හැම දිනම
හමු වුනෙ නැතත් පෙර මෙන් ගුරු මව් ව
මවුන් දහසක් විය මා අසලටම
දුව පැන ඇවිදි කාලය නිමා විය
බිත්ති හතරට කොටු වුණු මෙය මා නිවස විය
අක්කලා අයියලා ඇසුරෙන් මිදුණු මම
තනිකර නො දමා අම්මා මා සමග විය
මව් අත හිස මත ඇත නෙතු පියෙන තුරා
පෙර මෙන් සිනිඳු නැත මා හිස මුඩු වු නිසා
සිහිනෙන් දකිමි දවසක් යලි ලැබෙන තුරා
පෙර මෙන් සිටිමට ඔබ සුවපත් පුතු ම වෙලා
image credits :http://chinaandgreece.com/wp-content/uploads/2014/12/Children-Suffering-From-Cancer.jpg