ගතට උසුලනු බැරි මනට විඳගනු බැරි
තුරුණු විය පසු කරන ලඳට අවනත නැති
මිටිය ගෙන තලන ගලට රිදුමුත් ඇති
හිතේ ඇති දොම්නසට එයින් සැනසුම් නැති
අහස් කුස උරණ වී වැසි ඇදන් වැටේවි
නොනිදා පහන් වුව ද මහන්සිය නිම් නැති
සතයට දෙකට යදින ජීවිතය රස නැති
දමා හැර දුව යන්න අවැසි වුව ඉඩ නැති
අනෙක් රූබර ලඳුනගේ කර ගැට නැති
රෝස පෙති සේ දැනෙන සිනිඳු අත්ලට බැඳී
දිවුරා දමා නොයන බව කියූ පෙම් සකි
පදම් වූ මගෙ අත්ල හැර දමා නික්මුණි
උපන් දා සිට කඳුළු බොන නුඹේ දෙනයිනි
දුටුව ඒ සෙනෙහසට අදත් මා පෙම් බඳී
මල්ලියේ නුඹෙ දිවිය සරු කරමි මම නිති
පෙම් සමිඳු ලෙස නුඹත් හැර නොයන් කුමරුණි
Image Courtesy – https://www.bbc.com/news/blogs-trending-37421194