සංසාරෙ දිගු ගමනෙ
නුඹෙ මතක මට කුමට
ආත්මෙම කිලිටි කළ
නුඹෙ ආලෙ මට කුමට
හැරදාල යන නුඹේ
ප්‍රේමෙ ඉල්ලනු කුමට
ඉතින් නුඹ මට දුන්නු
කඳුළු දෑසට කුමට
හැමදාම නුඹව පැතු
මගේ හිත අවංකයි
කිසිදිනක බොරු නොකළ
මගේ පෙම පවිත්‍රයි
හැමදාම දුක් වින්ද
හිතට දැන් සැනසුමයි
ඉතින් දැන් නුඹෙ මතක
හැරයන්න අවසරයි
කවියකට පුළුවනිය
බිඳුණු හිත් හදන්නට
රිදුණු සිතකට හැකිය
හසරැලි නගන්නට
එවැනි හිතකට හැකි ද
ආයෙ පෙම් කරන්නට
ඒ හිතේ පෙමට හැකි
ආත්මයක් නිවන්නට
Image Courtesy :- https://bit.ly/2H4Vlvr