අසහාය විද්වතා – ස්ටීවන් හෝකින්ස්

Share

පෙර දින ලෝකයටම මහත් බුද්ධිමය හිස්තැනක් ඇති කරමින් ඇල්බට් අයින්ස්ටයින් විද්වතාට පසු මෙලොව ජීවත්ව සිටි ඒ අසහාය විද්වතා හෙවත් විශ්ව න්‍යායවේදී ස්ටීවන් විලියම් හෝකින්ස් නොහොත් අප කවුරුත් හඳුනන ස්ටීවන් හෝකින්ස් මහතාගේ නික්ම යාම පිළිබඳව අසන්නට ලැබිණි.ඔහු සාමාන්‍ය පුද්ගලයෙකු නොව අරුම පුදුම දෑ වලින් ජීවිතය සපිරි පුද්ගලයෙකි.

ඔහු උපත ලබන්නේ නූතන විද්‍යාත්මක පදනමේ නිර්මාතෘ වන ගැලීලියෝ ගැලීලිගේ මරණයෙන් 300 වසරක් ගෙවුණ තැන හෙවත්  1942 ජනවාරි 8 වෙනිදා වන අතර මෙලොවින් ඔහු නික්ම යන්නේ ඔහුට පෙර මහා විද්වතා ලෙස නම් දැරූ සාපේක්ෂතාවාදයේ නිර්මාතෘ අයින්ස්ටයින්ගේ ජන්ම දිනයෙන් වසර 139 ගෙවුණ තැනය.ඔහු උපත ලබන්නේ ප්‍රසිද්ධ ඔක්ස්ෆර්ඩ් ග්‍රාමයේ වන මුත් ජීවිත අවසානය වන තෙක් සේවා කළේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට වීම විශේෂත්වයකි. ඔහු මරණයට පවා අභියෝග කළ චරිතයකි.මන්දයත් ඔහුට motor neuron නම් රෝගය 1963 දි වැළඳුන අතර මේ නිසා ඔහුගේ ජීවිතාපේක්ෂාව වසර දෙකක් බව වෛද්‍ය නිගමනය විය.එකී කියමන සාවද්‍ය කරමින් වසර 76 ක් ජීවත් වන්නේ මානව උත්සාහය වෛද්‍ය නිගමනයන් පවා පරයා යන බව පවසමිනි.

දෙවන ලෝක යුධ සමයේ අනාරක්ෂිත බව නිසා කුඩා කාලය ඔක්ස්ෆර්ඩ්හි ගත වුවද වයස අටේදි පවුලේ සාමාජිකයන් සමඟ සෙන්ට් ඇල්බන්ස් නගරය වෙත සංක්‍රමණය විය.වයස එකොළහේදි සෙන්ට් ඇල්බන්ස් පාසලට අධ්‍යාපනය හැදැරීමට යන ස්ටීවන් එයින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල පාසලට යන්නේ පියාගේ උපදේශය  වූ වෛද්‍ය විද්‍යාව හැදැරීම ඉවතලා ගණිතය හැදැරීමට මුත් එහි ගණිතය නොමැති හෙයින් භෞතිය විද්‍යාව හදාරන්නට විය. මහත් උත්සාහයකින් පසු ස්වභාව විද්‍යාව පිළිබඳව ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් හිමි කරගත් ස්ටීවන් අනතුරුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සෛද්ධාන්තික භෞතික විද්‍යාව හා ව්‍යවහාරික ගණිතය පිළිබඳ දෙපාර්තුමේන්තුවට විශ්ව න්‍යාය විද්‍යාව හැදැරීමට පැමිණෙන්නේ ඩෙනිස් ස්කිමාගේ(Denis Sciama) අධීක්ෂණය යටතේ ය. “විශ්වයේ ප්‍රසාරණයේ ගුණ” නමින් සිය නිබන්ධන පත්‍රිකාව ඉදිරිපත් කරමින් ස්ටීවන් ආචාර්ය උපාධිය ලබා ගන්නා අතර 1966 ඇඩම්ස් ත්‍යාගය දිනා ගන්නේ “Singularities and the Geometry of Space-time”  නමැති නිබන්ධනයෙනි.1979 දී සර් අයිසැක් නිව්ටන් විසි ප්‍රථම වරට හොබවන ලද ගණිතය පිළිබඳ ලුකාසියානු මහාචාර්ය තනතුරට පත් විය.

මහාචර්යා ස්ටීවන් හෝකින්ස් මහතා,විශ්වය පාලනය වන මූලික නීති පිළිබඳව අධ්‍යනය කළේ ය.1970 දී Roger Penrose සමග එකතුවී,අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවය පිළිබඳ මූලධර්මය මගින් ,මහ පිපිරුම හි ආරම්භය ට අදාලව අවකාශයක් හා කාලයක් තිබිය යුතු බවට ත්, කළු කුහරවල ට අවසානයක් තිබිය යුතු බවත් පෙන්වූහ.මෙම ප්‍රතිඵල නිසා 20 වන සියවසෙ මුල් අර්ධයේ සිදුවූ අනෙක් විද්‍යත්මක දියුණුව වන සාපේක්ෂතාවාදය හා කොන්ටම් මූලධර්මය එකතු කර අධ්‍යනය කළ යුතු බව පෙනී ගියේ ය.1974 දී මෙම මූලධර්ම දෙකම එකතුවෙන් හව්කින් විසින්, කළු කුහර සම්පූර්ණයෙන්ම කළු නොවන  බවත් එවා මගින් “හව්කින්ග්” විකිරණ නම් විකිරණයක් නිකුත් කරන බවත්,එම විකිරණ පසුව ක්‍රමක් ක්‍රමයෙන් නැතිවී යන බවත් සොයා ගත්තේ ය.එ පමණක් නොව තවත් උපකල්පනයක් ලෙස විශ්වයේ අවකාශයට හා මවාගත්තවූ කාලය ට සීමාවක් නොමැති බව හොව්කින් සොයා ගන්නා ලදී.මෙයින් පෙන්වන්නේ විශ්වය පටන්ගත් ආකාරය සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක නීති මගින් පාලනය වන බවය.

ඔහුගේ රෝගය නිසා කථන හැකියාව මුළුමනින්ම ඉවත් වූ අතර ඔහු සිය ඇස් වල චලනයන් හා කම්මුල්වල චලනයන් හරහා සිය අදහස් ලොවට ප්‍රකාශ කලේ උත්සාහය පවතී නම් ඕනෑම දෙයක් අපහසු නොවන බව ප්‍රකාශ කරමිනි. ඒ සදහා 1997 ඉන්ටෙල් සමාගමෙන් සපයන ලද රෝද පුටුවේ අතක රැඳවූ ටැබ්ලටයක් භාවිත කළ අතර, ACAT නම් විවෘත මාධ්‍ය වැඩසටහනක් මගින් තිරයේ යතුරු දර්ශනය කිරීම මගින් සිය රුචිය පරිදි  අකුරු තෝරා ගැනීම කම්මුලේ චලනයන් මගින් සිදු වුණි.

එලෙසින් අදහස් ඉදිරිපත් කරමින් විශ්ව අභිරහස් විසඳූ මෙතුමා බොහෝ ප්‍රකාශනයන්ද ලියන ලද පුද්ගලයෙකි.  The Large Scale Structure of Space-Time, with George Ellis පොත ඔහුගේ ප්‍රථම අධ්‍යාපනික ප්‍රකාශනය වන අතර ,  A Briefer History of Time, the essay collection Black Holes and Baby Universe and The Universe in a Nutshell තවත් පොත් අතර ප්‍රධාන තැනක් ගනී. My Brief History නම් පොත තුළ ඔහුගේම ඉතිහාසය දක්වන අතර එහිදී ඔහු පන්තියේ මිතුරන් අතර ‘අයින්ස්ටයින්’ නමින් හැඳින්වුණ අතර,විකටයෙකු ලෙස හංවඩු ගැන්වුණ ආකාරය සඳහන් වේ.එලෙසින්ම තම රෝගය හඳුනාගත් පසු මුහුණ දුන් අභියෝග පවා එහි සඳහන් වේ. එසේම ඔහු ළමයින් උදෙසා ද පොත් ලියා තැබීම විශෙෂත්වයකි. “George and the Blue Moon” එලෙස ලියූ කෘතියකි.

මානව වර්ගයා වෙනුවෙන් මෙලෙසින් මහත් සේවයක් කළ මෙතුමා ලෝකයේ බුද්ධිමය හිස්තැනක් සදමින් 2018 මාර්තු මස 14 වන දින ලොවෙන් සමු ගත්තේ 76 වසරක අයු කාලයක් සපුරමිනි.

image courtesy : http://bgr.com/2017/11/07/stephen-hawking-ai-could-destroy-mankind-warning/

මූලාශ්‍ර :

  1. http://www.hawking.org.uk/
  2. http://www.hawking.org.uk/about-stephen.html
 
Tagged :