නිවාඩුවට ගමට…

Share

තාත්තා කෙනෙක්, ස්වාමිපුරුෂයෙක්… ගෙදර තරම් තවත් තැනක් කොයින්ද ඉතිං එයාට, මේත් එහෙම තමයි…..

 

පසුපස කවුළුව අද්දර අසුන හිමී

දුම් වලු වලු ගැටෙමින් සියොළඟම තෙමී

මඳකට පසෙකින් තබලා බැඳුණු බැමී

සිතෙහි කවුළු අරවා නෙත් පියා ගමී

 

පන්සල පාමුල ගොයමෙහි බඩවැටියේ

වැව් දිය රැලි තාල තියන ලහි ලහියේ

ගොම්මන් කළුවර ගලනා සඳ එළියේ

ගුරු පාරෙහි පියවර මනිමින් සිටියේ

 

පාට පාට ටොපි චොකලට් ඇත පුරවා

නේක නේක රස මැද සෙනෙහස සඟවා

කිරි සුරතල් සුපිපෙන කැලුමින් නහවා

පුංචි පුතුයි පෙරමඟ හදවත අරවා

 

පවස නිවන දිවිසුරු කප්තුර ලෙසින

මහද නිවා සනහන ඔසු ගඟ ලෙසින

සෙනෙහෙ හොවා බිරිඳගෙ සෙනෙහස මැවෙන

යහන පුරා සැනසෙමි අද පෙම් රසින

 

නිහැඬියාව බිඳලන අමිහිරි සද්දේ

නළා හඬයි පුරවා සවනට විද්දේ

අසුන පුරා මම සුවබර දිගු නින්දේ

පැතුමන් සැරසුණු ‘සිහිනෙකි’ මා වින්දේ

 

Image Credits: https://bit.ly/3dS2oqe

 
Tagged : / /