සිහින් දිගටි මුහුණක්
දඟ දෙන කියඹු ලතාවක්
අව්‍යාජ දෙනෙතක්
හිමිකම් කියන උවනක්
සසල කළේ කෙළෙසද?
සන්සුන් මගේ නයන
නියං සායෙන් පීඩිතව
ඉරිතැලී වේදනාබරිතව
වියළී ගිය හදවතක්
පණ පොවා – පණ ගසා
සොරා ගන්නට සමත්
දිය පොදකි
අසෙනිය කුසුමකි
ඒ උවන…..
මගේම මුත් මගේ නොවන
හිමි වුණත් අහිමි වන
නොදුටු තරමට සොඳුරු වන
නොලද තරමට මිහිරි වන
ඒ උවන…..
දකිමි – විඳ ගනිමි – තුටු වෙමි
සිහිනෙන් අත ගෑ සහෘදයෙකු මෙන්
Image courtesy : http://wallpapersinhq.com/images/medium/a-pretty_face-1464735.jpg