The blind wife ……..

Share

එදා මම ගුවන් තොටුපලෙන් බ්‍රිතාන්‍ය බලා පිටත් වුණේ තනිවුණු කෙනෙක් විදිහට. ඒත් වසර ගණනක කටුක සහ අමිහිරි මතක රැසක් අවසානයේ අද මම අපරිමිත ආදරයක් සෙනෙහසක් විඳින වාසනාවන්ත ගැහැණි‍යක්, යෙහෙළියක්, බිරිඳක්, මවක්. ජීවිතේ විවිධ පරාමිති තුළ එක ම මොහොතක හැසිරීම ඉතාමත් ම කටුක සහ මැනවින් හදාරා සිදුකල යුතු අපහසු කර්තව්‍යක්. නමුත්, ඒ සියල්ල මා ජයගත් ආකාරය මේ අයුරින් පාඨක ඔබ ලියා දක්ව්මි. ඒ අතීතය උදෙසාවූ අපරිමිත කරුණාවකින් සහ ආදරයකින්.,, එහෙත් මෙය කියවා එය ඔබට රිසි අයුරින් අවබෝධ කරගැනීම හුදෙක් ඔබේ රසවින්දනය සහ අත්දැකීම් මත සිදුවණු ඇත.
………………….,,,,,,,,,,,,,,,,,,,,,,,,,,…………………..
මගේ වැඩිමහල් සොයුරිය කුලයෙන් හීන්යෙක් සමඟ සිදුකරගත් විවාහයේ ප්‍රතිඵලය මගේ දෙමාපියන් ඇය සිය පවුලෙන් නෙරපා දැමීම වූ මොහොතක ඇයත් සමඟ කතා බහ කරන්නට හෝ ඉතිරි වූයේ මා පමණි. “නම අගට ආරච්චි හරි මුදියන්සෙ කියල හරි නැති මිනිස්සුන්ට දීග දෙන්න මම දූවරු හදලා නෑ. යන අය ගියාවේ ඉන්න කෙනෙක් උන්නාවේ.” ඒ තමයි අපේ අප්පච්චිගේ අවසන්, වේදනාකාරී, එහෙත් යම් දුරකට සත්‍ය වන අවසන් තීරණය. “අපේ පරම්පාරාවේ කිසිකෙනෙක් අඩු කුළෙන් දීග ගියේ නෑ. අපෙන් අවසරත් නෑ. උඹල කැමති දෙයක් කරපල්ලා. මම නම් මගුළට එන්නේ නෑ. අදින් පස්සේ ලොක්කියේ මට එක දුවයි. උඹ මළ කෙනෙක්ට සමානයි.” අප්පච්චිගේ ඒ දරදඬු වචන ඉස්සරහ මගේ අම්මා අඬා වැටුනාට හැමදාමත් අම්මා අපේ මෑණියන් වූවාට වඩා අප්පච්චීට බිරිඳක් වුණා.

අද වගේ මතකයි, අක්කා ගල් ගිල්ලා වගේ බලාගෙන උන්නා. පහුවදා පාන්දර හුරු පුරුදු ඔසරියට සමුදීලා සාරියකුත් ඇඳගෙන පිටත් වුණා. අදටත් මම ඇය නොදැක්කා කීම මගේත් හිතේ දුකට කරුණක්.

අක්කාගේ පිටුපෑමෙන් මාස කීපයක් ගත වුණු තැන අම්මා ඉතාමත් ම අවාසනාවන්ත ලෙස මියගියේ මගේ හිස මත අප්පච්චී නම් පූජනීය වස්තුවේ බර පටවා කියා කීම හුදෙක් ඇයට මා කරන නිගරුවක් නොවන බව මා කිව යුතුයි. ඇගේ මළ හිරු බැස යත්ම මළ බත කන්නට මගේ ගෙදරට බොහෝ දෙනා එකතු වූවත් හෙටට එළිවනවිට විශාල නිවසක කාමර හත අටක මමත් අප්පච්චීත් සදාකාලික ව තනිවන බව මා දැනි සිටියා. ඒ මා ලද අත්දැකීම් නිසා. වසර දෙක තුනක කාලයක සිට මුළු ලෝකයටම හොරා මා සමඟ බැඳී සිටි හිතවතා ද මා හැරගියා නම් අන් අය අප හැර යාම පුදුම විය නොයුත්තක් බව මා සක් සුදක් සේ දැන සිටියා.

අප්පච්චී සමඟ ගතකළ ජීවිතය මට දැණුනේ මල් වට්ට්යක් මත ජීවත් වනවාක් මෙනි. ඉතාමත් සරළ චාම් ජීවිතයක් තිබූ ඔහු මා අමතන හැමවිට මට දැනුණේ ජීවමාන දෙවියන් වැඩසිටින අයුරක්. නමුත් මගේ අක්කා නම් ඔහුට අපායෙන් ආ අයෙකු ලෙස පෙනෙණු ඇත. නමුත් ඔහු මට නම් දෙවියෙක්. ඒ මා ද යම් දුරකට හෝ කුළවත් වීම යන ඔටුන්න මා හිස මත පැළඳ සිටි නිසාවෙන් විය යුතු යි.
……………………………………………………………………………………
එදා මහා වැහි දවසක්. හතර අතේ අකුණු පුපුරනවා. පුරුදු විදිහට මම කුස්සියේ රෑට කැම හදන ගමන් උන්නා. අමුතු අමුතු ලොකු ලොකු කෑම කන්න මට පුරුද්දක් තිබුනේ නැහැ. අප්පච්චිටත් එහෙම යි. ඒ මුදල් අඩුවක් නිසා හෝ මා පිළියෙල කළ ආහර වළඳන්නට ඔහු අකමැති වූ නිසා හෝ නෙවේ. අපි දෙදෙනා ම සරළ ජීවිතයකට ඇළුම්කල නිසාවෙන්.

පොඩි දූ කියලා මට අපච්ච්චී කතා කරපු නිසා මම මගේ වැඩ ඔක්කෝම අමතක කරලා දුවගෙන ගියා මැද සාලෙට. මගේ දිහා කරුණාවෙන් බලලා මගෙන් ඇහුවා “පුතේ අම්මා මැරෙන්න මොහොතකට කළින් කිව්වා දුවගේ අනාගතේ ගැන තීරණයක් ගන්න කාලෙ ඇවිත් කියලා. දූ තීරණය කරන්න විවාහ වෙනවා ද, නැත්නම් වැඩිදුර ඉගෙන ගන්න එන්ගලන්තෙට යනවා ද කියලා.”
මගේ තීරණය “අප්පච්චී, මම කසාද බඳිනෙත් නෑ එන්ගලන්තෙට යන්නෙත් නෑ. හැමදාම අප්පච්චී එක්ක ඉන්නවා සළකාගෙන. ඒක අම්මාට වුණු පොරොන්දුවක්”
ඇප්පච්චී: “නෑ දුව මම වයසයි තව ටික දවසකින් මැරිලා යයි. මම ඉගෙන ගත්තා. සමාජයෙන් ගරු තනතුරු ලැබුවා. විවාහ වුනා, සැප වින්දා, දූවරු තැනුවා, වැඩිමල් දුව මා අතැර ගියා. අම්මත් මැරුනා. සියල්ල අනියත යි දුව. මේ සසර ගමන අපි අවසන් කළ යුතු යි. දුක් වින්දා ඇති වගේ දැන් නම් මට අවසර දෙන්න මහණ දම් පුරන්නට” …………………………………………………………………

මා හැදූ අප්පච්චී, මගේ අතින් අල්ලා මට ඇවිදින්නට කියාදුන් අප්පච්චී, මට කතා කරන්නට කියාදුන් අප්පච්චී, මට ඉගැන්වූ අප්පච්චී, මට සමාජයෙන් ගරු බුහුමන් ලබාදුන් අප්පච්චී, මා කුළවතෙකු කල අප්පච්චී, මට ලෝකය පෙන්වා එහි අරුත් කියාදුන් අප්පච්චී, මට සරළ ගති කියාදුන් අප්පච්චී, මා සමඟ මට හොරා සිනාසුණු හඬාවැටුණු අප්පච්චී, මගේ ආදර කතාවේ විචාරය සරළව ලියා මට ජීවිත කියාදුන් ඔහු සසරින් එතෙරවන්නට මගෙන් අවසර ඉල්ලනවිට මා අවසර නොදේ නම් තව දුරටත් මා ඔහුගේ ම දූ ද?? යන්න මා තීරණය කලයුතු ව තිබුණා…….

(ඉතිරිය පසුවට ……………………………………………)