චිම්නි ගින්න…….

Share

පල්ලියේ ඝණ්ඨාරේ දොළහ වැදෙන සද්දේ මට හොඳට ඇහුණා. රිචඩ් මගේ ළඟට වෙලා සැප නින්දක. මම රිචඩ්ට වෛර කලා. මට පෙනුනේ මගේ නිදහස් නිවහල් ජීවේතේ නිදහස යි නිවහල් බව යි සොරකම් කරපු අපරාධකාරයා තම යි ඒ කියලා. මේ විවාහ බැඳීම, මට නම් අප්‍රසන්න යි. ඔහුගේ ගුප්ත ගතියට මම කවදත් අකමැති යි. නමුත් ඔහු සැබැවින් ම ආදරණීය යි. මා, ඔහු හඳුනාගත් නිසා ම, ජීවත් වීම යම් දුරකට පහසු යි.
ඔහුගේ අත තවමත් මගේ උරවට. කුකුල් පැටවු අම්මගේ අස්සේ උණුහුම හොයනවා වගේ, වදකාර ස්වාමිපුරුෂයා මා තදින් වැළඳගෙන.
මා තවමත් අවදිව, ඒ පෙරදා රාත්‍රීයේ, චිම්නි ගිනි උඳුන ළඟින් මට ඇහුණ වයලීන් වාදනය, හැබෑවක් ද සිහිනයක් ද කියල හරි හැටි දැනගන්න. හැබැයි මගේ ඇඳෙන් බිමට බැහැලා, චිම්නි වාදකයා සොයාගෙන යන්න නම් හිතේ ආශාවක් ඇත්තේ ම නැහැ.
ඊයේ රාත්‍රීය පුරාවට ම මම ඇහැරගෙන හිටියා. ඒත් වයලීන් වාදනයක්වත්, අඩු ම තරමින් ගෙඹි පැටියෙක් ”බක බක” කියන සද්දයක්වත් මට හැහුණේ නෑ. ඒ නිසාම තමයි, මට හිතුනේ ඒ වයලීන් වාදනයත් තව හීනයක් කියලා.
අම්මා තාත්තා නැති වෙච්ච පුංචි දුවකගෙ අඳෝනාවක් වගේ ඒ හඬ. සප්තකයේ ස්වර අමුතු ම තාලයකට වාදනකය කලා. ඇත්ත ම යි මට රිචඩ්වත් අමතක වුණා.
මම ලන්ඩන්වල උපන් කෙනෙක්. වතු අධිකාරීවරයෙක් වෙන රිචඩ් එක්ක විවාහයෙන් පස්සේ මේ ගමේ පදිංචියට ආවා. අපි දෙන්නෙක්ට මේ ගෙදර ලොකු වැඩි යි. බිම් මහල පළමු මහල් සහ දෙවෙනි මහල. නිදන කාමර දෙවෙනි මහලේ. සැතපුම් විස්සකින් දුරකට තිබුනේ අපේ ගෙදර විතර ම යි. හාත්පසින් ම තිබුනේ විශාල වතුයායක්. ශීත කාලේට හිම වැටුන ම හාතපින් ම පෙණුනෙ සුදු පාට විතර යි. ටිකක් එහාට වෙන්න තිබුණු සොහොන් කොතේ මුදුනට හිම වැටුනම, ඒ හිම දිය වෙලා යන්නේ මැරිච්ච මිනිසුන් අඬනවා වගෙ යි.
මම කවදාවත් රිචඩ් නැතිව තනිව ම මහ රෑට බිම් මහලට ඇවිත් ම නැහැ.
ඒ නිසා අද යන්නෙත් නැහැ.
ශීත සමයේ සීතලට මගේ මුළු ඇඟේ ම හිරිගඩු පිපිලා. කාමරයේ තිබුණු චිම්නි ගිනි උඳුන නිසා තරමක් දුරට මගේ සීතල නැති වෙලා ගියා. කාමරයේ තිබුණු චිම්නි ගිනි උඳුනට වඩා ගෙදර ම සීතල නැති කළේ බිම් මහලේ තිබුණු, පරණ ලොකු ම ලොකු චිම්නිය. අද නම් යාන්තම් හඳ එළියක් තියනවා. මහා විශාල ජනේල වල සිනිඳු සේද රෙදි අතරින් මට එක පැහැදිලිව ම පෙණුනා.
රිචඩ් නිදි. මගේ උරවටා තිබුණු කරදරකාර අත ගලවලා දාල, රිචඩ්ට පිටුපාලා මම නිදාගත්තා. ඒ වයලීන් වාදනය මම දැක්ක හීනයක් කියල හිතුණ නිසා.
………. මට පැය බාගයක් නින්ද යන්න ඇති. තිගැස්මකින් මා අවදි වුණේ වයලීන් වාදනය ආයෙමත් ඇහුණු නිසා.
එදාට වඩා තීව්‍ර යි.,, ඔව්,, ඇත්තට ම ලස්සන යි. මට දැණුනා කෙනෙක් මට අඬගහනවා වගේ.,, ඔව්,, ඒ හඬ ආයාචනාත්මක යි. ඇත්තට ම,, ඔව්,, ඒ හඬ, ඒ වාදනය, මට කතා කළා.
මමත් දන්නේ ම නැතුව මගේ ඇඳින් බැහැලා රාත්‍රී ගවුමට උඩින් බෝල් ගවුමත් ඇඳගෙන, නිමෙන්න ඔන්න මෙන්න කියල තිබුණු ඉටිපන්දමත් අරගෙන තරප්පු පෙල බහින්න පටන්ගත්තා. රිචඩ් දිහා නොබලා ම.
මගේ බය නැතිවෙලා ගියා.
මටත් පුදුමයි.
මගේ අවසර නැතිව මගේ නිවසේ ජීවත් වෙන ඔහු හෝ ඇය කවුරුන් ද????
මගෙ අවසර නැතිව මගේ සුවබර නින්දට බාධා කරන්නේ කවුරුන් ද?? .
මේ මහ රෑ නින්දක් නැතිව වයලීන් වදනය කරන්නේ කවුරුන් ද??…………..
මා තරපු පෙලේ මැදක් බැස අවසන්….
වයලීන් වාදනේ තනුව ටිකෙන් ටික වෙනස් වුණා. ටිකෙන් ටික වේගවත් වුණා. මා බසිනා අඩියක් අඩියක් ගානේ……
මගේ අඩි සද්දේ ඒ වාදනයට ඩ්‍රම් වාදනයක් වගේ කියලා මට මොහොතකට හිතුණා.
මම දැන් දෙවෙනි මහලේ. දැන් ඒ වාදනය ආදර ගීයක් වගේ. මියුරු යි. සරල යි. මධ්‍ය සප්තකයේ ස්වර ලස්සනට වාදනය කළා.
මම උන්මත්තක ද??? .….. පුංචි බියකුත් නැතිවා ම නොවෙ යි.
පළමු මහලත් අවසන්. වාදනය තව තවත් මිහිරි යි. තීව්‍ර යි. තව මොහොතකින් මම බිම් මහල මත ……………………………………………..
මා පය තැබූවා පමණ යි……….’,,,,,,, ඒ වාදනය ඉතාමත් ම කලබලකාරී තනුවකින්, එක ම අයුරකට වාදනය වන්නට පටන්ගත්තා. එය උන්මත්තක ගැහැණියකගේ සිනාවට සමාන යි. චිම්නිය හරහා හමා ආ සුලඟට ඉටිපන්දම ද නිවී ගියා. ඒ වාදනය මා බිය ගැන්වූවා පමණක් නොවෙ යි, මා උමතුවට ද පත් කලා.
මා තැබූ පය ආපසු ගෙන පිටුපස නොබලා ම මගේ නිදන කාමරය දිවගියේ,,,,,,,,,, ප්‍රාණ බියකින්. ජීවිතය ගිල ගන්නට එන යක්ෂණියකගේ ශාපයක් මෙන් වූ වාදනයට බියෙන්.
මා හට මතක මම ඇඳ මත වැටුණා පමණි.
පහුවදා මම අවදි වුණේ මගේ කම්මුල් දෙකට දණුන, සුවදායක ගින්දර උණුසුමට. ඒ රිචඩ්, මගේ අවදි වීම ප්‍රමාද නිස දෙකම්මුල් මත තැබූ කෝපි කෝප්පය.
ශීත සමයට ඒ උණුසුම එකතු කලේ විශාල ව්ටිනා කමක්.
ඔහු මගෙන් ඇහුවා: රේචල්,, ඔබ මටත් හොරා කවුරුන් සමඟද බෝල් නර්ථනයේ යෙදුනේ…. රාත්‍රී ඇඳුම වෙනුවට බෝල් ඇඳුම්ත් ඇඳගෙන. රේචල් ඔබ සුවෙන් ද??
මම ‘’සමාවෙන්න රිචඩ් ඒ වැරදීමක්. රාත්‍රීයේ දැණුන අධික සීතල නිසා මා මේ බෝල් ඇඳුම ඇඳගත්තා. එය මට ගෙන ආවේ අපූරු උණුසුමක් රිචඩ්.’’
රිචඩ් හිනා වෙලා යන්න ගියා.
මා කිසිවක් ඔහුට නොකියන්නට වග බලා ගත්තා.……………………………………. ………………………………………………………………………………………………….
එදා දහවල් වරුව ගතවූයේ ඉතාමත් ම මන්දගාමීව. ඒ රැය එළඹෙන තුරු මා බලා සිටි නිසා.
රාත්‍රී ආහාරයෙන් පසු පුරුදු පරිදි රිචඩ් හා මම නින්දට සූදානම් වූව ද, එය රිච්ඩ් ගේ නින්දක් වූවා මිසක මට නිදි නැති රැයක් වූවා.
වේලාව රාත්‍රී 12.00 වූවා පමණි. වයලීන් වාදකයා වයලීන් වාදනයට මුල පිරුවා. මා මනාව සූදානම් වී සිටි නිසා, වයලීන් වාදනයේ ආරම්භයත් සමඟම හැකි ඉක්මණින් තරප්පු පෙළ බැස බිම් මහලට පය තැබුවා. පෙරදා මෙන් ම එදා ද වැයූ ස්වර, මා තබනා අඩියක් අඩියක් ගානේ හැඩයෙන් හා ගුණයෙන් වෙන්සවූවත් මා නොබියව චිම්නිය වෙත ගියේ වාදකා දැක ගන්නට.
සඳ එළිය පමණක් බිම් මහල ආලොකමත් කලා. ඉටිපන්දම ද නිවී ගියා. ”ඔහු” මට පිටුපා සිටියා. ශීත කාලය නිසා සඳ එළිය ද වැටුනේ කණාමැදිරි එළියකට හැඩහුරුකම් කියන්නට.
විවෘතව තිබූ එක ජනෙල් පියනකින් බිම් මහලට ගලා ආවේ පුදුමාකාර ශීතලක්. එහෙත් චිම්නියේ උණුසුමෙන් ඔහු වයලීන වාදනයකලා.
මා බිම් මහලට පය තැබූ විට මා ගිල ගන්නට පැමිණි යකිණියකගේ හඬින් ස්වර වැයූ ඔහු, දැන් වයන්නේ ප්‍රේමණීය තනුවක්. ඒ තනුව මා අමන්දානන්දයට පත්කලා. මා ඒ සංගීතය නිසා උන්මත්තකවූවා. කවදත් සප්ත ස්වරයට ඇලුම් කල මම ඒ හිඬින් උමතු වූවා.
මා සදාකල්හි පැතුවේ, සප්ත ස්වර හා හාද කම් කියනා අයෙක් මගේ ජීවිතයේ හිමිකරු වෙවා කියා. නමුත් රිචඩ් ස්වර පිළිබඳ කිසිවක් නොදනී. මා හා ඔහු අතර වූ, නොකියූ එහෙත් තිබූ, විරසකයට හෙතුව වූයේද ඔහු ගීතයේ ඇසුර නොලැබූ අයෙක් වීමයි.
මා ක්‍ෂණයකින් වාදයාකට පෙම් කරන්නට පටන් ගත්තා.
ඒ තනුවට නර්තනයේ යෙදුනා. ඔහු වට රංගනයේ යෙදුනා. ඔව් මම සඳ එළිය නර්ථනයේ යෙදුනා.
ඔහු වැයූ තාලයට නැටුවා. ඔහුගේ දෑතින් වාදනය කල ස්වර සියල්ලකට මා නර්ථනයේ යෙදුනා.
ඔහු වයන වයන, තනුවට මා නර්ථන්යේ යෙදුනා.
කිසිවක් නො අසා, කිසිවක් නො ඉල්ලා, මා නර්ථනයේ යෙදුනා. මා සිතින් ගතින් වෙහෙසට පත්වන තුරු ම…………………………………………………………… …………………………………………………………………………………………………..
පසුදා මා අවදිවූයේ රිචඩ්ගේ හඬින්.
‘’රේචල් ඔබ හොඳින් ද?? මේ චිම්නිය ලඟ සෝපා පුටුවේ නිදාගත්තා ද??. ගවුමත් ඉරිලා. රේචල්. ගවුමේ වාටිය ඉරිලා ගිහිල්ලා. අසනීපයක්වත් ද??’’
මා පියවි සිහියට පත්වූයේ විනාඩි කිහිපයකින්. මා එදින ද කිසිවක් නොකියන්නට වග බලාගත්තා.
‘’සමාවෙන්න රිචඩ් අධික ශීතල නිසා මම චිම්නිය ලඟට ආවා. ශීතල රැයට බෝල් ගවුම කදිම යි. ඉටිපන්දම තරප්පු පෙළ මැදදී නිවී ගියා. මා තරප්පු පැටළී ඇදගෙන වැටුනා. ගවුම ඉරෙන්නට ඇති ඒ නිසා. ‘’
‘’ඔව් රේචල් ඔබේ හිසකේ අවුවෙලා. වළලුකර නිල් වෙලා. කකුල් ඉදිමිලා. ඇසුත් වෙහෙසකර යි. දයාබර රේචල් රාත්‍රිය ශීතල නම් මට ගුලිවී උණුසුම් වන්නට ඔබට තිබුණා. ඔබ මට දයාබර නොවේ නම් ශීතල බව මට කියන්නට තිබුනා. ‘’
‘’ඔබ නිදාසිටි නිසා මා කිසිවක් නොකියා තනිව ම ආවා’’
රිචඩ් මට විවේක ගන්නට නියෝගකලා. මම ඔහුට කෙසේ කියන්න ද මම වයලීන් වාදනයකින් උමතුව රාත්‍රීය පුරා වයලීන් වාදකයා හා වාදනයට පෙම් කර නර්ථනයේ යෙදුණු බව.
මේ අයුරින් සති ගණන් මාස ගණන් මා නර්ථන්යේ යෙදුනා………… නමුත් ඔහු සිය මුහුණ මට නොපෙන්වන්නට වග බලා ගත්තා……………………………………………………………………………
නමුත් මා දැන් නම්,, මට මුහුණ නොපෙන්වූ ඔහුටත්, ඔහුගේ කුරිරු වාදනයටත් ශාප කරමි. ඒ ඔහු මා වෙහෙසට පත් කල නිසා. බිම් මහල පුරා කාලයක් තිස්සේ නර්ථනයේ යෙදී මගේ දෙපා කෘශවී තිබුනා. වළලු කර බිඳී තිබුනා. දෙඋර වේදනා දුන්නා.
සියල්ලට වඩා රිචඩ් තනිවී සිටියා.
මෙසේ තවත් කාලයක් ගතවූවා……………………….
එදින, වෙනදාට වඩා හෙමින්, මන්දගාමීව රාත්‍රිය එළඹුනා. පුරුදු පරිදි රිචඩ් නින්දේ. මා අවදිව. රාත්‍රී 12.00 වන්නට හෝරා දෙකක් තිබිය දී මා මනාව ඇඳ පැලඳ චිම්නි ගිනි උඳුන අසළ වූ සෝපාට වී අගන්තුක ඔහු පැමිණෙන තුරු සිටියා. මට නොදැණුවත්ව ම මට නින්ද යන්නට ඇති.
මා අවදිවූයේ වයලීන් හඬින්.
නමුත්,
අද මා ශක්තිමත්. ඔහු වෙනදාටත් වඩා ප්‍රේමණීයව වයලීනය වාදනය කලා.
මා අසා සිටියා
නිහඬව අසා සිටියා.
පැය ගණනක් ඔහු සිය වයලීනය වාදනය කලා. මා ද අසා සිටියා. මුහුණ නොපෙන්වූ ඔහු දෙස මා බලා සිටියා.
හොරා තුනකින් පසු මා නැගී සිටියා. සෙමින් සෙමින් ඔහු ලඟටම ගොස් ඒ දෑත් දෙස මා බලා සිටියා. ඒ දෑත් මා කවදා හෝ දැක තිබුණා. පුරුද්දක් තිබුනා. ඒ දෙනෙත් මා දැක තිබුනා. ඔව් මම පුරුද්දෙන් දැක තිබුණා.
නිමේෂයකින් මා……………………………………………..
ඔහුගේ වයලීන් අලුව ඔහුගෙන් උදුරා ගත්තා. ………………………………….
එය චිම්නියේ ගින්නට එක් වූවා. …………………
මා තවත් වරක් හෝ ඔහු දෙස නොබලා මගේ කාමරයට දුවගියා. ඒ නැවත දකින්නට, මා අකමැති වූ නිසාත්. හිතවත් රිචඩ් දිගු කාලයක් තනිව සිටි නිසාත්.
වයලීන් වාදනය අවසන්……………
මා ඔහුට කාරුණික වී ගින්නට විසිකලේ අලුව පමණි. වයලීනය නොවෙයි.
නමුත් ඒ අලුව නැතිවූ කල පෙරදා මෙන් ප්‍රේමණීයව තනු, වයන්නට ඔහුට නොහැකි බව මා දැන සිටියා………………………
ඔහු මට ස්තූතිවන්ත වියයුතු යි, මා වයලීනය චිම්නි ගින්නට එක්කාසු නොකලාට………