නැට්ටුක්කාරි

Share

කස්තිරම් අඩවු මැද ඇගෙ
රත් පියුම් පැහැති පා පොඩි
නෙත් දැහැන් බිඳෙන විලසට
තාල තබමිනා

බෙර හඬින් නැගෙන රාවය
කන්කළුය ඇසෙන වෙණ නද
තාල සුරල් මැදිකර
පා සලඹ හඬමිනා

ඉඟ නෙරිය රඟන සේලය
ලැම හසුන් යුවල රඟ දෙන
සුලු මැදුම් දෙතිත අනුවම
දෙපා රඟ දෙනා

රන් රුවන් දිලෙයි කර වට
තත් වැයෙයි සැලෙන නිතඹට
නෙත් බඹරු සෙනඟ වශියෙන්
මං මුලා වෙලා

සත් පියුම් පෙති ද පරදන
තොල් සඟල දෙසම බලමින
මන් මත්ව හුදෙකලා ලොව මා
අතරමං වෙලා………

Image : http://thewinebird.files.wordpress.com/