විහාර මළුවේ මගේ තනියට සඳ සිටිදා….

Share

වසංගතයක් වෙලා මුළු ලොවම

නිහඬ කර ඇත අද මිනිස් දිවියම

ගහට කොළට ද සතා සිවුපාවුනට

ආශිර්වාදයක් විය එය නොදැනිම

 

කාලය ගෙවි ගෙවි යද්දී ඔහොම

නිකිණි මසෙහි ද අඩක් අවසන් වුණි අප නොදැනිම

හදන් වලා අතරින් එබි එබි හෙමින

මට මහා තනිකමක් දැනුණි කිසිදා නොම ලෙසට

දිස්වුණා මගෙ රුව සඳ වටා තරු අතර

වෙහෙසුණා සොයන්නට මගේ ජීවන කතර

කැළඹුණා විශ්වයම සොයාගෙන අප සසර

හිනැහුණා සඳ මටම ලියූ කවි දැක නිතර

 

අහිංසකම පැතුමක් පතනෙමි මෙන්න

ජන ජීවිතය නැවතත් පෙර ලෙස වෙන්න

ලෝ වැස්සන් සැම හට සෙත් ඇති වෙන්න

ඉක්මනින්ම කොරෝනාව පහවෙන්න

මේ යන ගමන සංසාරේ කෙදිනදී දෝ නවතීනේ

සසර පුරා ආ නිවන් තෙරක් නැති ගමනකී දෝ පවතීනේ

යනෙන හැමතැන කරන කී දේ නෙතේ ගමනට නැත උනේ

පසේ බුදුන් දැක නිවන් දකින්නට කවදා දෝ අපට හැකිවෙන්නේ

 

Written By : Savindu Gunawardena

Image Links

 
Tagged : / / /