හඬන කල අහස
මිදුණු කඳුළැල් ඉසිමින්
ගුලි ගැහෙමි මතකයන්
තුරුළු කරගෙන
නුඹ ඉතිරි කර ගිය
අදත් උණුහුම්
එදා වාගෙම තමයි
අදත් සුවඳයි
එදා වාගෙම තමයි
සිහිල් සුළඟක්
හද අගිස්සෙන්
කිති කවාගෙන
හමන මොහොතක
ලෙමන් පැහැ ඇති
සිහින යුගයක
නුඹ ලියූ ඒ
පැඟිරි සුවඳැති
අඳුරු ලියමන්
එකින් එක
හීන් කෙඳිරියෙන්
සෙමින් කියවමි…
සඳ මැදියමක
තරු ඇස් නෙක දිලිසුණු
ගං දිය ද නොගලමින්
හද නොසෙල් වූ
සොඳුරු යාමෙක
වලා ගැබ මුදා හළ
නුඹේ රූ ඡායාව
තිතෙන් තිත
ගළපමින්
සිහිල් නිල් පැහැයෙන්
සිහි කරමි
නෙත් වසා
හෙමි හෙමින්…
Written by : Kalindu Pansilu Habarakadaarachchi
Image Courtesy: Ruchira Nethmina