ක්‍රිෂ් නොදුටු පිටු

Share

හිස් අකුරු හතරක්

තේරෙද්දි ආදරය

නළලතේ උරුමයට

සින්දූර් නැතුවාද

ගිනි දැවෙන හදවතක

පුළුන් ගුලි නැතුවාට

මහේෂ්ගේ වචනමයි

හුස්ම පොද සිරකරන

ක්ෂිතිජ ඉම කෙළවරක

බොඳ වෙලා හැංගෙන්න

රන් සේද සිහිනයක

බය වෙද්දි ඇහැරෙන්න

දැන නොදැන අවාරෙක

රතු රෝස මල් ගෙනෙන

ක්‍රිෂ් කපූර් නාමයෙන්

හදේ තනු ලියැවෙන්න

අවසන් තත්පරය තෙක්

අත් නොහැර ළඟ ඉන්න

මතකයන් මියැදෙද්දි

මුමුණනා එකම නම

ක්‍රිෂ් නුඹයි දෛවයෙන්

මා සොයා එවු තරුව…

 

වානි

Written by: Sashini Madhubhashini

Image courtesy:
Featured image: https://shorturl.at/FrHAG

 
Tagged : /