මතකයි දශක ගණනාවක් පෙර ඈත
වැසි ඇද වැටී තෙත් වී මුළු ගත ම
කළුවර බිඳ පොළවෙන් මතු වී යසට
වින්දෙමි උණුසුම් හිරුගේ කිරණ
දින දින වැඩී විහිදා අතු පතර
දුන්නෙමි හුස්ම සැම හට ලොබ නැති ව
නිවමින් ගින්න කුසයන්හි නැගුණ
කාරිය විය හැම දින ගෙන දුන් සතුට
දහස් ගණන් විහඟුන්ගේ කැදලි දරා
වුණෙමි මහා නිවහන ලේනුන්ට පවා
සෙවණක් වීය හිරු කර්කශ නිවනා
පැහැයක් වීය වන සිතුවමට එදා
තවත් හුස්ම දෙනු බෑ වෙහෙසයි හොඳට
වියළී බිම ඇද වැටෙයි මම නුදුරේ ම
ගිනි සෑයක දැවී අළු වී දිනක
පාවී යමින් දකිමි පෙර නොදුටු තැන
Written by: Yasumi Anjana
Image link: https://bit.ly/3pUu8R5