වතුසුද්ද

Share

නිවීගිය තරුවක රහස විමසන්න
පෙම් තෙපුල් ගිල ගතිමි ළං වී කොඳුරන්න…
කම් නැති ද මනයොත් සවන් නොඇසෙන්න
වසන්තය තව තවත් නොපෙනෙනා මහ දුරක ද…

බොසුරුත් කිරණ දුන් නිසා ආදරෙන්
රෑ අහස ලස්සනයි නිශාකර දිදුලමින්…
මහසයුර හැමදාම වෙරළ මත රැඳුණොතින්
දහක් සෙනඟ විඳීවි ද බලා එන යන සැඬින්…

සැබෑවකි එය මලක් වී ඉපදුණ ද
නුඹ ළඟ සුවඳ නැත
නුඹ ළඟ පාට නැත
ඉඳින්..
කුමට ද නමට මලක් වී…
නපුරු වතුසුද්ද…

කටුක විස කිවූ නිසා
මඟ හරින්නට තනති බඹරුත්…
සිව්කොනේ බුදු මල් යහන්
පාළුව සරසන්නට පමණක් මුත්
නුඹ වස් නැද්ද එතකොට
වතුසුද්ද……..

Written by : Rushani Kulathunge

Image Courtesy:

Cover Image – https://shorturl.at/rAbJa

 
Tagged : / / / /