රළු වූ ඉර එළිය යට
දූලි දුම් සැර නලා නද මැද
ඇවිද යමු ද දිනෙක යළි
දුම්රිය මාවතට
සරසවි මාවතේ සිට…
සමු දී තුටින්
විඩාබර දිගු විරාමයට
ඉවතලමු ද අපි
මෙතෙක් අප ළං කළ
දුරකථනය මඳකට…
ඉතින් ඉඩ දෙමු,
වේගයෙන් දිව යන වාහනවලට
අප පසු කර යන්නට
ඉඩ දී හිරුට
තවරන්නට රත් පැහැ
කොපුල් තලෙහි…
ඉඩ දී පවනට,
ලෙළවන්නට රිසි සේ
මුරණ්ඩු කියඹු වැල්…
පියනගමු හිමි හිමිහිට
සිනහව නෙතෙහි රන්දා
පුළුන් රොදක් ව නිදහසේ…
ඇති නේද පවසන්නට
නොකියූ නොලියූ බොහෝ දෑ
මට මෙන් ම
එදිනට…..
Picture credit : https://4sq.com/31DkhCZ