ළමා අධ්‍යාපනය අවශ්‍ය ඇයි ?

Share

  • ලෝක ළමා දිනය ගැන

විශ්ව ළමා දිනය සෑම වසරක ම ජාත්‍යන්තර එකමුතුව ප්‍රවර්ධනය කිරීම, ලොව පුරා ළමුන් අතර දැනුවත්භාවය සහ ළමා සුභ සාධනය වැඩි දියුණු කිරීම යන අරමුණු පෙරදැරි ව පවත්වනු ලැබේ. එය 1954 දී විශ්ව ළමා දිනය ලෙස ආරම්භ වූ අතර සෑම වසරක ම නොවැම්බර් 20 දින සැමරන නමුත් ශ්‍රී ලංකාව එය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 1 වන දා ය.

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය 1989 දී සම්මත කරන ලද අතර එය 1990 දී බලාත්මක විය. ළමා සම්මුතියක් සකස් කොට අප මේ ගෙවමින් සිටින්නේ 32 වන වසර යි.

  • සම්මුතියෙහි ඇත්තේ ?

එක්සත් ජාතීන්ගේ ළමා සම්මුතිය රටවල් 196 ක සහ ප්‍රදේශවල පිටු බලය ඇතිව ඉතිහාසයේ වඩාත්ම පුළුල් ලෙස අනුමත කරන ලද ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම යි. සම්මුතිය ළමා අයිතිවාසිකම් මාලාවක් දක්වා ඇති අතර ඒවායින්:

  1. ඔවුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඇත.
  2. ඔවුන්ට ගෞරවයෙන් හා ගෞරවයෙන් සැලකිය යුතු ය.
  3. ඔවුන් රැක බලා ගැනීම, සංවර්ධනය කිරීමට සහ ඔවුන්ගේ ප්‍රජාවේ කොටසක් වීමට ඉඩ දිය යුතු ය.
  4. ඔවුන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට සහ ඔවුන්ට බලපාන තීරණ වලට සහභාගී වීමට අයිතියක් ඇත.
  5. ඔවුන්ගේ වාර්ගික හෝ සමාජ සම්භවය, හැකියාව, උපත හෝ වෙනත් තරාතිරම නොතකා –
  6. ඔවුන් කොතැනක ජීවත් වුවද – ප්‍රචණ්ඩත්වයට සහ වෙනස් කොට සැලකීමෙන් ආරක්ෂා වීමට ඔවුන්ට අයිතියක් ඇත.

ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 28 වැනි වගන්තිය එය අත්සන් කළ යුතු සෑම රටක්ම පහත සඳහන් නිර්ණායක සඳහා වගවීමක් ඇති කරගනියි.

  1. ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය කර සැමට නොමිලේ ලබා දීම.
  2. සාමාන්‍ය සහ වෘත්තීය ඇතුළු ව ද්විතීයික අධ්‍යාපනයේ විවිධ ආකාර සංවර්ධනය කිරීම දිරිමත් කිරීම – සහ ඒවා සෑම දරුවෙකුට ම ලබා ගත හැකි සහ ප්‍රවේශ විය හැකි බවට පත් කිරීම.
  3. උසස් අධ්‍යාපනය සැමට ප්‍රවේශ විය හැකි ලෙස සකස් කිරීම.
  4. නිතිපතා පාසලට පැමිණීම දිරිමත් කිරීම සහ අත්හැරීමේ අනුපාතය අඩු කිරීම.

29 වැනි වගන්තිය පවසන්නේ අධ්‍යාපනය සෑම දරුවෙකුගේම පෞරුෂය, කුසලතා සහ හැකියාවන් පූර්ණ ලෙස වර්ධනය කළ යුතු බවයි. එය මානව හිමිකම් සඳහා දරුවාගේ ගෞරවය මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට, ඔවුන්ගේ ම සහ වෙනත් සංස්කෘතීන්ට සහ පරිසරයට ගරු කිරීම දිරිමත් කළ යුතුය.

  • අධ්‍යාපනයට ඇති අයිතිය අත්‍යවශ්‍ය වන්නේ ඇයි?

ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ සඳහන් අධ්‍යාපනය ලැබීමට ලෝකයේ සෑම දරුවෙකුට ම අයිතියක් ඇති නමුත් මිලියන 260 කට ආසන්න ළමුන් – 10 දෙනෙකුගෙන් එක් අයෙක් – Covid-19 වසංගතයට පෙර පවා පාසලෙන් බැහැර ව සිටිය බවට වාර්තා UNICEF සාක්ෂ්‍ය සපයයි. COVID 19 අර්බුධය හේතුවෙන් පසුගිය වසර කිහිපයේ දී තවත් මිලියන සිය ගණනකගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති අතර බොහෝ දෙනෙක් නැවත කිසිදා පන්ති කාමරයට නොඑනු ඇතැයි UNICEF ආයතනය පුරෝකතනය කරයි. ළමා පරම්පරාවක අධ්‍යාපනයට අගුල් වැටීම රටක , ලෝකයක අනාගතය අඳුරු වීමක් බව වර්තමානයේ සමාජයේ ඇති වී ඇති විෂම ස්වභාවය මොනවට පැහැදිලි කරයි.

  • ළමා අධ්‍යාපනය කෙරෙහි තරුණ අපගේ වගකීම?

ළමා අධ්‍යාපන කර්තව්‍ය කෙරෙහි තරුණ ප්‍රජාව මත නොවැලැක්විය හැකි වගකීමක් පැටවී තිබේ. නමුත් අප එය නිසි ලෙස ඉටු කරන්නේ නැති බව දුශ්කර ප්‍රදේශයක පාසලකට හෝ ගමක ඇවිද්දහොත් ඔබට වටහා ගැනීම අපහසු නොවනු ඇත. විවිධ සංගම් හෝ සමිති කිහිපයක් ළමා අධ්‍යාපනය කෙරෙහි සාධනීය පියවර රැසක් ගෙන ඇති නමුත් රටේ තරුණ ප්‍රජාව ලෙස පුරවැසි වගකීම අප තවමත් නිසි ලෙස ඉටු කොට නැත.
විශ්වවිද්‍යාල හෝ වෙනත් උසස් අධ්‍යාපනයක් ලබා රටේ බදු මුදලින් ඉගෙන ගෙන උගත් රටට පයින් ගසා පිට රැටියෙකු ව වෙනත් පිරිසකට සේවය කිරීමට පෙර, නිදහස් අධ්‍යාපනයෙන් උගත්තේ නම් මහ ජනතාව වෙත අප ඒ ගෙවීම් නිසි ලෙස ගෙවිය යුතු ම ය. පාසල් පද්ධතිය තුල ගුරු මෑණිවරුන් පියවරුන් ළමා අධ්‍යාපනයට හිටි පියවරක් ව සිටිනා නමුදු දෙවන පරපුරක් ලෙස ජාතික මට්ටමේ තාරුණ්‍යයේ මැදිහත් වීමක් අවශ්‍ය බව මට පෞද්ගලිකව වැටහේ. මේ ලෝක ළමා දිනයේ දී මම ආමණ්ත්‍රනය කරන්නේ ළමා පරපුරට නොව, තරුණ ඔබට ම යි. වගකීමට වග වී රටක් නැගිටවන්නට අධ්‍යාපනයේ යතුර ගෙන පෙරට ආ යුතු කාලය උදා වී ඇති බව සිහිපත් කරමි.

References : https://data.unicef.org/

Image Courtesy : https://bit.ly/3y0Lj6K

 

 
Tagged : / /