මිනිස් ගුණ පිරි සුළං කෝඩය
නඟයි අණසක වියරුවෙන්
එයින් පණ ලද හිම තුහින අද
මවයි සුරපුර කඳුළ වසමින්
සොඳුරු හසරැලි සෝක සුසුමන්
නැතත් දෙසවන පුරවමින්
තනිකමේ පිහිතුඩට බියවී
පැරද යන්නද දිවිමඟෙන්
සීත සමයේ කටුක සීතල
දරා සිටිනෙමි ඉවසමින්
ඉරා දමමින් සීත සෘතුව
වසත් හිරු රැස් එන බැවින්
එවිට යළි පණ ලබා හිනැහී
මල් පුබුදුවන අදහසින්
රැකගනිමි මම මගේ පණ නළ
හදේ උණුසුම පුරවමින්
Image courtesy ; https://bit.ly/3hm9hz8