පුංචි පුංචි පැතුම් ගොඩක
නුඹේ සොඳුරු කිරි සිනාව මැවිල පෙණුනා..
බිඳෙන් බිඳම පින් කරල
ටිකෙන් ටිකම පේ වීලා
මා ගාවට එන්න නුඹට ඇරයුම් කෙරුවා..
ඩිංග ඩිංග හුස්ම අරන්
හෙමි හෙමිහිට දඟල දඟල
මා එක්කල ඉන්න දාට පෙරුමන් පිරුවා..
හීන සෙමෙන් වියැකීලා
පැතුම් කන්ද දියවීලා
නුඹ ආයෙත් මා ගාවට නො එතැයි සිතුණා..
පුංචි පුතේ පින් මදි මට
කුසේ නුඹට ඉඩ දෙන්නට
නුඹ වගේම පුංචි පුතෙක් බලා සැනසුණා..