ඔබ නොමැති සරසවිය..
තව සය මසක් ඔබ මා තුරුලෙ හිඳ
දුරස් වී යයි සරසවි මවුන් වැඳ
දෙඅත් අල්ලා තුරු ගොමුවෙ සිටි
මතක සිතුවම් නිමා වේවිද…
සෙනෙහෙ ගඟුලේ ගිලී සැනසී
වෙලී ආදර පවන් සිසිලක
අත තබා මගෙ නළල පිරිමැද
පතුවා ඔබ, සසරෙම මගේ බව…
තොඳොල් වී අප සිනා නැංවූ
මල් දෙවැට දැන් නිහඬ වේවිද
ඔබ නොමැති ඒ හෙට දිනයේ මම
කෙලෙස තනිවම සිනා නගමිද…
දකින රිසියෙන් ඔබේ පෙම් වත
පැමිණියත් සරසවි භූමි වෙත
මෙදා මෙන් ඔබ සිටිනු නැත හෙට
මා එන තුරු නුග ගසක් යට…
සිටින මුත් යෙහෙළියන් අසළම
තනි වේවි මා, ඔබ නොමැති හෙට
දරා ගන්නද කෙලෙස මේ දුක
සැඟව වූවෙමි කවි පේළි මත…
Image: http://www.girlautomatic.com