සක්වළ අසිරි

Share

                                            

ඇන්ඩ්‍රොමීඩා….

ඔබේ දෙසවන් යොමු කරනු මැන

තෙරක් නොපෙනෙන සක්වළ ගී නාදයට

දෙනෙත් හැර බලනු මැන

උඩු ගුවනේ ආශ්චර්යය දෙස

 

දහස් ගණනින් දිලී හිනැහෙන

තාරකා එළි අඳුර නිමවන

ගිනියම් බෝලයක් පෙනුණි ද ඔබට

හිරු චණ්ඩතාපයෙන් උණුහුම බෙදා දෙන

හිරු දෙවි අසලින්ම ග්‍රහලොවයි කුඩාතම

බුධ ලෙසින් නම් ලදුව

දීප්තිමත් සන්ධ්‍යා තාරකාව සිකුරු

සුදු දුඹුරු වළා සිඹින දේවතාවිය

 

මිලියන ගණන් ජීවීන් සැරිසරන

හරිත නිල් පෘථිවි ගෝලය

ගිම්හානයත් සිසිලසත් එක්ව ඇති

දුටුවා ද, විනෝදජනකයි එය සැබැවින්ම

මලකඩ රතු පැහැයෙන් දිලෙන අඟහරු

දූවිලි පාෂාණ ගිනිකඳු සැමගෙන් සැදුම්ලත්

මගේ ග්‍රහ මණ්ඩලේ යෝධයා යි අර

දූවිලි වළාවෙන් වටවූ බ්‍රහස්පති

 

චන්ද්‍රයන් පිරිවරා බමන්නේ තේජස්ව

අපූරුයි සෙනසුරුව වටකරන වළලු හිම

නිහඬ නිල් පැහැ නෙප්චූන්ගේ චමත්කාරය

නීල මුහුදක් කොස්මික් සත්වෝද්‍යානයක් මවන

සහෝදර යුරේනස් ඒ අසලින්ම

බමන්නේ මවමින් දසුනක්ය අසිරිමත්

 

රෑ අහසේ ඇදී යන දිලෙන එළි ධූමකේතු

පාවෙමින් දුර ගෙවන මහා උල්කා කැබලි

බල ගුරුත්වය සමග අධි බලැති කළු කුහර

ඔබ මෙන්ම මා ඇතුළු තවත් මන්දාකිණි

විඳිමු මේ විශ්වයේ අපූරුව නිර්මාණ

මහා අවකාශයේ සොඳුරුතම හාස්කම්

-ක්ෂීරපථය-

 

Written By : Menuka Jayalath

Image Link : https://ab.co/3luqLeV

 
Tagged : / /