අප්‍රේල් විසි දෙවෙනිදා කියන්නෙ අවුරුද්දෙ දින තුන් සිය හැට පහෙන් තවත් එකක් වුනත්…… එදා විශේෂ වෙන්නෙ එදාට ලෝක මිහිතල දිනයත් යෙදෙන නිසා…
දින තුන් සිය හැට හතරක්ම මිහිකත වනසල එක දවසක් විතරක් මිහි මව මතක් කරන එකේ පලක් තියද කියල ඇතැමෙක්ට හිතෙන්නත් පුලුවන්…. ඒත් ඒ දවසෙ ඇරඹෙන බොහෝමයක් ව්‍යාපෘති මිහි මවගෙ අනාගතයට මෙන්ම අපගේ අනාගතයටත් බලපාන නිසාවෙන්ම මෙසේ දිනයක් වෙන් කිරීම ඉතාමත් වැදගත් වෙනවා.
2014 වර්ෂය සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මිහිතල දින තේමාව හරිතවත් නගරයක්…. ඔවුන් එවන් තේමාවක් තෝරා ගෙන ඇත්තේ දිනෙන් දින නවමු වන ලෝකයේ බොහොමයක් ජනතාව ක්‍රමයෙන් ගමෙන් ඈත් වෙමින් නගරය වෙතට සමීප වීම නිසා. මේ නිසාවෙන්ම කාර්යක්ෂම පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව භාවිතයටත් ,හරිතවත් නගරයන් ගොඩ නැගීමටත් ඔවුන්ගේ අවධනය යොමු වී තිබෙනවා.
ලෝක මිහිකත දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මහතා ප්‍රකාශ කරන්නේ ඔබත් මාත් මේ තරම් වූ කාලයක් රැක බලා ගත්තා වූ මිහි මව වෙනුවෙන් හඩක් නැගීමට නැගී සිටින්න යනුවෙන්.
අම්මා තාත්තා ගැන වගේම මිහි මව ගැනත් බොහෝමයක් දේ ලියවිලා තියෙනවා…. ඒ අතරෙ ඉතාමත් සංවේදීම සංකල්පනාව වෙන්නෙ අපූර්ව පුද්ගලයෙක් තමන්ගෙ රටේ ජනාධිපති තුමාට ලියපු ලියමනක්. මේ පුද්ගලයා තමා ඇමරිකාවේ රතු ඉන්දියානුවන්ගෙ නායකය. ඔහු හරිම අපූර්ව බස් වහරකින් පරිසරය පිලිබඳව විස්තර කරනව.ඔහු මෙම ලිපිය ලියනුයේ ඔවුන්ගේ භූමිය රජයට විකුණන ලෙස එවකට ඇමරිකානු ජනාධිපතිතුමා විසින් කරන ලද ඉල්ලීමකට පිලිතුරු ලෙසිනුයි.
මේ එහි අඩංගු අදහස් කීපයක්…
“ඔබ අහසට හිමි කම් කියන්නේ කෙසේද? පොලවේ උණුසුම ඔබ සතු වන්නේ කෙසේද ? ඒවා අප සතු නොවන්නක් වන විට එය ඔබ අපෙන් මිලට ගන්නේ කෙසේද ?
මෙම භූමියේ සියල්ලක්ම අපට පූජනීය වේ…
සෑම වැලිකැටයක්ම , සෑම දිය දහරාවක්ම , සෑම තුරු ලතාවක්ම අප ගැන මතකයන් ඔවුන් සමග රදවා ගනු ඇත. දිය දහරාවන්හි ගලා බසිනුයේ ජලය නොව අප මුතුන් මිත්තන්ගේ රුධිරයයි. ගංගාවන් යනු අප සහෝදරයන්ය. ඔවුහු අප ඔරු පාරු දරා සිටිති. අප අඹු දරුවන් පෝෂණය කරති. මේ භූමියට යම් දිනක ඔබ පැමිණියහොත් ඔබද ඒ බව සිත්හි දරා ගන්න. ඔබේ දරු මුණුපුරන්ටද ඒ බව කියා දෙන්න.
මිනිසා අයත් වන්නේ මිහි මවට මිස …. මිනිසාට මිහි කත අයත් නොවේ….. ජීවිතය නමැති ජාලය මිනිසාට අයත් වූවක් නොවේ … මිනිසා යනු එහි දුර්වල නූල් පටක් පමණි…. මිනිසා විසින් මෙම ජාලයේ සමබරතාවට හානි කරන්නේද , එය ඔහු ඔහුටම සිදු කර ගන්නා වූ හානියක් වනු ඇත. “
ඔහු එදා එසේ දුන් පණිවුඩය 21 වන සියවසේ ඉලෙක්ට්‍රොනික යුගයේ ජීවත් වන අපටද එක සේ වලංගු වේ… අප අද දිනයේ මිහි මඩලේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා වූ පියවර මත අපගේද හෙට දවසේ ඉරණම තීරණය වනු ඇත
Reference –
http://www.techno-feng-shui.shalagram.ru/
http://www.un.org/
www.superbwallpapers.com