බලා සිටියෙමි අනන්තය දෙස….
නැවත ඔබ පැමිණෙන තුරා…
නෙතු පියන් මත කදුළු වැටුනත් …
සිතුවේ ඔබ යලි එයි කියා…
තෙරක් නොමැතිව ඔබව සොයනා..
වෙහෙසකර මගේ දිවි පුරා..
එලිවටක් නැති කවිය ඔබමය..
කිසි දිනක යලි නොලිවෙනා…
හඬ හඬා ඔබ සොයන විටදී…
ඔබ නොවෙයි ඇය හමු උනා…
සිතේ හිරවුන පද පෙළක් යලි…
මගේ දෙතොලග මිමුනුනා…
නෙතේ කදුලැල් සගවා ගන්නට…
ඇගේ තුරුලට ගුලි උනා…
මගේ දිවියට යලිදු කිසි දින…
කදුළු පිරි ලොව එනු එපා….
ඇගේ සෙනෙහස සදා නොමියන…
මගේ කවියට මුසු උනා…
ඔබයි ලබැඳිය සදාතනිකව…
හදවතට තුටු මල් ගෙනා…
Image courtesy: http://myowngreengrass.com/wp-content/uploads/2013/03/IMG_6123-1024×731.jpg